මිහින් ලංකා මිහිදන් ලංකා වෙයි

අමිල ගුණරත්න

විශාල සුදු අලියෙකු ලෙස නඩත්තු වන මිහින් ලංකා ගුවන් සේවය 2007 සිට 2010 කාලය වන විට රුපියල් බිලියන 5.8 ක දැවැන්ත අලාභයක් ලබා තිබුණි. 156 ක කාර්ය මණ්ඩලයකින් සමන්විත මිහින් ලංකා ගුවන් සේවයට මාසික වැටුප් ගෙවීම සඳහා පමණක් රුපියල් ලක්ෂ 52 ක් අවශ්‍ය වේ. මිහින් ලංකා ගුවන් සේවයේ අධ්‍යක්ෂවරයෙකුගේ වැටුප පමණක් රු. 225,000 - පමණ වන අතර ජාතියට බරක් වූ මෙම සුදු අලියාගෙන් නිදහස් වුයේ නැති නම් මිහින් ලංකා මිහිදන් ලංකා වන දිනය අත ළඟ බව ආර්ථික විසේසඥයන් පවසති

Tell a Friend