සිසුන්ට වදහිංසා පමුණුවයි. අන්තරය පොලිසියට සමාව දෙයිද?

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී උපකුළපතිවරයා විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණය හමුවට පැමිණවීමෙන් පසුව වැඩිදුර පරීක්ෂණ සදහා මිරිහාන පොලීසියේ භාරයට පත් කළ සිසුන්ට ඊයේ (16) අමානුෂික ලෙස පහරදී ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය කියයි.


ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

මොවුන්ගෙන් බලහත්කාරයෙන් ඔවුන්ට අවශ්‍ය පරිදි කටඋත්තර ලබාගෙන ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.


මෙම සිසුන් පැය 48 කට ආසන්න කාලයක් රඳවාගෙන සිට ඇතැයි ද එම නිවේදනයෙන් අනාවරණය කර ඇත.

අදාළ කට උත්තර පදනම් කරගනිමින් තවත් දින 30 ක් දක්වා ඔවුන් සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට, මිරිහාන පොලීසියෙන් උත්සාහ කරමින් සිටින බවද පැවසේ.

හර්ෂි සි. පෙරේරා




Tell a Friend