දේශපාලන අවශ්‍යතා මත පුද්ගලයින් අත්අඩංගුවට නොගත යුතුයි.

දේශපාලන ‍හා පෞද්ගලික අවශ්‍යතා මත පුද්ගලයින් අත්අඩංගුවට නොගන්නා ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ‍ගමගේ මහතා පොලිසියට අවවාද කර තිබේ.
පොලිසියේ රාජකාරිය වන්නේ පැමිණිල්ල මගින් අපරාධමය වරදක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වනවාද නැද්ද යන්න විමර්ශනය කිරීම බව විවෘත අධිකරණයේ දී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන කාර්යාල‍යේ රියදුරෙකුට එරෙහිව කැබිති‍ගොල්ලෑව පොලිසිය විසින් පැවරූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මේ බව කියා සිටියේය.

අදාළ නඩුවෙන් එම රියදුරු ‍නිදොස් කොට නිදහස් කළ අතර මූලික පරීක්ෂණවලින් සත්‍ය කරුණු හෙළි කර නොගෙන දේශපාලන හා වෙනත් අවශ්‍යතා මත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම පොලිසිය විසින් සිදුනොකළ යුතු බව එහිදී මහේස්ත්‍රාත්වරයා තවදුරටත් පැවසුවේය.


Tell a Friend