ඇෆ්ඝනිස්තානයේ ලොකුම හොටලයට ත්‍රස්තවාදී ප්‍රහාරයක්

ඊයේ රාත්‍රියේදී ඇෆ්ඝන කැරලිකරුවන් විසින් එරට පිහිටි විශාලතම හොටල ලෙස පිළිගැනෙන ඉන්ටර් කොන්ටිනෙන්ටල් කාබුල් හෝටලය වෙත එල්ල කල ත්‍රස්තවාදී ප්‍රහාරය අවසන් වූයේ පුදගලයින් 10 දෙනෙකුට මර කැඳවමින් සහ තවත් විශාල පිරිසකට තුවාල සිදු කරවමිනි. ත්‍රස්තවාදී ප්‍රහාරය මැඩපැවැත්වීම සඳහා නොටෝ සංවිධානයේ සහය ගැනීමටද සිදු විය.

එරට අභ්‍යන්තර කටයුතු භාර ඇමතිවරයාට අනුව ප්‍රහාරය සඳහා සහභාගී වූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 08 දෙනාම මරා දැමීමට ආරක්ෂක අංශ සමත් වී ඇති අතර තත්වය සම්පුර්ණයෙන්ම පාලනය කොට ඇති බව සඳහන් කළේය.

Tell a Friend