ලිබියාව : නේටෝව තවත් සිවිල් වැසියන් 08 දෙනෙකු මරයි


ලිබියාවේ තව්රගා නගරයට නොටො සවිධානයට අයත් ගුවන් යානා විසින් එල්ල කළ ප්‍රහාරයකින් අඩු තරමින් සිවිල් වැසියන් 08 දෙනෙකුවත් මිය යන්නට ඇතැයි එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ අතම අයගේ තත්වය ඉතා බරපතල බව සඳහන් කරයි.

මේ අතර ගොලිකරණය ගැන පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය දින කිහිපය පුරා නේටෝ සංවිධානය විසින් යුරේනියම් මිශ්‍ර මිසයිල ප්‍රහාර රැසක් ලිබියාවේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1973 වන යෝජනාව ප්‍රකාරව පසුගිය මාර්තු දෙවන සතියේදී ලිබියාවට එරෙහිව ප්‍රහාර නේටෝ සංවිධානය විසින් ආරම්භකරනු ලැබුවේ එරට සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහාය.

Tell a Friend