උතුරේ ගැහැණු දරුවන් රැක ගනිමු.

ලිංගික කටයුතු සදහා බාලවයස්කාර ගැහැණු ළමුන් විකුනන්ගෙන් තම දරුවන් ආරක්ෂා කරගන්නයි ආණ්ඩුවේ නිලදාරිනියක් උතුරේ පවුල් වලට ආයාචනය කර සිටි.

මෙසේ කියන්නේ ජාතික ළමා ආරක්ෂක අදිකාරියේ අනෝමා දිසානායක මහත්මියයි. දෙමාපියන් තම දුවරුන්ට රැකියා ලබාදෙන බවට පොරොන්දු වන නොහදුනන පුද්ගලයින් ගැන වඩාත් ප්‍රවේශම් විය යුතු බව ඇය වැඩි දුරටත් කියා සිටින්නීය.

ශ්‍රී ලංකාවේ උතුරේ කාන්තාවන් සංවර්දන අවශ්‍යතා හමුවේ දැඩිව අසරණ වී සිටිති. ඔවුන් පහසුවෙන් ආපදා වලට ගොදුරු වෙති.

මේ සතිය මුලදී රටේ අගනුවර වූ කොලබ ගණිකා මඩමකින් බාලවයස්කාර දැරියන් දෙදෙනකු ඇතුළු කාන්තාවන් නම දෙනෙකු සොයා ගැනීමට හැකිවිය.

ඔවුන්ගෙන් දෙදෙනෙක් දැරීවියන්ය, අනෙක් අය දික්කසාද වූ අය, වන්දබුවන් සහ තරුණවියේ මවුවරුන්ය.

එක් බාලවයස්කාර දැරිවියක් ද්‍රවිඩ ජාතික මුලතිවු පදිංචිකාරියකි. අනෙක් ගැහැණු ළමයා සිංහල බණ්ඩාරවෙල පදිංචිකාරියකි.

මෙම අපචාරයන්ට සම්බන්ද සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

තරුණියක් සවුක්ය ආයතනයකට පවුල් සැලසුම් කටයුත්තක් සදහා පැමිණි අවස්ථාවේ මෙම ලිංගික කටයුතු පිණිස කාන්තාවන් විකිණීමේ ජාවාරම හෙළිදරවු වී තිබේ.

රටේ සංචාරකයින් පැමිණීම සීග්‍රයෙන් ඉහළයාමේ ප්‍රතිපලයක් වූ ලිංගික කටයුතු සදහා පුද්ගලයින් විකිණීම ගැන ආණ්ඩුව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව දිසානායක මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය.

බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා



Tell a Friend