සවුදි ගෘහ සේවය ඉන්දුනීසියානු ශ්‍රමිකයින්ට තහනම්.

ගිය සතියේ තම රටේ ගෘහ සේවිකාවකට සවුදි අරාබියේ මරණ දඩුවම හිමිවීමත් සමග ඉන්දුනීසියාව සිය පුරවැසියන් සවුදියේ සේවයට යාම නතර කර ඇත. රටවල් දෙක ශ්‍රමිකයින්ට යහපත් ලෙස සැලකීමට එකග වනතෙක් මෙය අගෝස්තු පළමුවැනිදා සිට ක්‍රියාත්මක වේ.

තම සවුදි සුවාමියා අතවර කිරීම නිසා මරා දැමු බව පාපොච්චාරණය කල රුයති බිනටි සපුබි නමැති 54 හැවිරිදි කාන්තාවගේ හිස ගසා දැමීම සෙනෙසුරදා සිදු විය.

ඉන්දුනීසියානුවන් මිලියන 1.5 ක් සවුදි අරාබියාවේ සේවය කරති. එයින් බහුතරය ගෘහ සේවක සේවිකාවන් ලෙස වැඩ කරති.

කෙසේනමුත් මෙම කාන්තාව මරා දැමීම ඉන්දුනීසියාව තුල බලවත් ජන කලබිමකට හේතු වී ඇත.

බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා
Tell a Friend