13 හැවිරිදි පාසල් ශිෂ්‍යයා ගෙල වැලලාගෙන මියයයි.

අම්බලන්ගොඩ, කොබේතුඩුව ප්‍රදේශයේ දී 13 හැවිරිදි ළමයෙකු ගෙල වැළලාගෙන සිය දිවි හානිකරගෙන තිබේ.

කොබෙයිතුඩුව සුනාමි නිවාස සංකීර්ණයක එක් නිවසක් තුළ මෙම ළමයා සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය සඳහන් කරනු ලැබීය.

බලපොල, කල්‍යාණිතිස්ස විද්‍යාලයේ නවය වසරේ ඉගෙනුම ලබමින් සිටි ඔහු සිත් අමනාපයක් හේතුවෙන් මෙසේ දිවි හානිකරගෙන ඇති බවට පොලිසිය සැක පළකරයි.

මේ වන විට සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහලට ගෙන ගොස් ඇත.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend