ඇන, කටු හා ලිංගික අතවර නැත්නම් හොදයි.

හර්ෂි සි. පෙරේරා

මේ වසරේ දකුණු කොරියානු රැකියා කෝටාව ශ්‍රමිකයින් 15,000 දක්වා ඉහළ නංවා ගැනීමට හැකිවී ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඉහත පුවත දනාත්මක වීමට නම් අපේ එයිශ්චර්යේ දුවලා සහ පුතාලා ඇන කටු සහ ලිංගික අතවර නමැති කෘර අමානුෂික වදහින්සාවෙන් සහ අවමන් සහගත සැලකිලි වලින් නිදහස් විය යුතුය. තවද ඔවුන්ට සේවක අයිතීන් විශේෂයෙන් ශ්‍රමයට සරිලන වැටුප ප්‍රමාදයෙන් තොරව හිමිවීම සහතික විය යුතුය.

"සියලු ගැටළු ඇතිවුයේ ඇය වසර දෙකකට පසු තම ශ්‍රමයට හිමි වැටුප ඉල්ලා සිටි විටදීය. ඇයව උඩු යටිකුරු වනසේ එල්ලා තැබිණි. ඇගේ ඇස් වලට යම් රසායන ද්‍රවියක් වක් කරන ලදී. ඇගේ කොණ්ඩයට ගිනි තැබීමේ ප්‍රතිපලය වුයේ ඇගේ කන් පිලිස්සිමය. ඇය තමාව රත් වූ ස්ත්රිකයකින් පිලිස්සු බව කියා සිටින්නීය." - වාකරයිහි මනෝහාරී බවානි.

දැනටමත් වදහින්සාවට ලක්වූ එතෙර ශ්‍රමිකයින් ගණනාවක් මවුබිමට පැමිණ ඇත. ඔවුන්ගේ සුබසාදනය ගැනද බලදාරින් නොපමාව සොයා බැලීම අවශ්‍ය වේ.

රට රැකියා කෝටාව වැඩිවීම රටේ සාමාන්‍ය ජනයාට මෙන්ම ඇමැතිවරුන්ටද හොදය. ඇමතිවරු පරදේශයක දුක්විදින ශ්‍රමිකයින්ගේ ඩොලර් වලින් ජොකි නැටීම නතර කර විදේශ රැකියා ප්‍රවර්දන සහ සුබසාදන නමැති අමාත්යංශය පොලවේ පය ගසා වැඩ කරන මහජන ආයතනයක් බවට පත්වීම කාලින අවශ්‍යතාවයකි.




Tell a Friend