අක්‍රිය වූ පොලිස්‌ කොමිසමේ ගොඩනැඟිල්ලට මාසිකව 8,68,000 ක්‌

චමින්ද සිල්වා

පොලිස්‌ කොමිසම අක්‍රිය වී වසර දෙකක්‌ ගතවී ඇතත් එය පවත්වාගෙන යන ගොඩනැඟිල්ලට මසකට රුපියල් 8,68,000 ක්‌ ගෙවීමට සිදුවී ඇතැයි පොලිස්‌ කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසේ. පොලිස්‌ කොමිසම 2009 අප්‍රේල් 10 වැනිදා සිට අක්‍රියව පවතී. එහෙත් මේ වන විටත් රොටුන්ඩා උද්‍යානයේ පොලිස්‌ කොමිසම් ගොඩනැඟිල්ල පවතින අතර කිසිදු රාජකාරියක්‌ නොකර තවත් 50 ක්‌ 60 ක්‌ පමණ මාසික වේතන ලබමින් සිටින බව ද එම ආරංචි මාර්ග පවසයි.

දැනට පොලිස්‌ කොමිසමට ලැබෙන පැමිණිලි පොලිස්‌ මූලස්‌ථානයට යොමුකිරීම පමණක්‌ සිදුකෙරෙන අතර නව පොලිස්‌ කොමිසම පත්කරනු ලැබුවත් එහි කලින් තිබූ බලතල අඩු කිරීමට බලධාරීන් අදහස්‌ කර තිබෙන බවට ආරංචි ලැබී ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.


Tell a Friend