ඉන්දීය හමුදාව සමග ගැලපෙන්න අපට බැහැ.

මෙසේ කියන්නේ පකිස්තාන් ආරක්ෂක අමාත්‍ය චවුද්ර්ය් අහමඩ් මුක්තර්ය. ඔහු හේතුව ලෙස දක්වන්නේ ඉන්දියාව සතු නුතන අවි ආයුද යුද්දයක් සදහා ප්‍රමාණවත් බවයි.

අපිට ඉන්දියාව සමග ගැලපිමටනම් ඔවුන්හා සමාන යුද්දෝපකරණ ලබා ගතයුතුයි. නමුත් ඒ සදහා අපට හැකියාවක් නැහැ යයි ඔහු වැඩිදුරටත් කියයි.

ඉන්දියාවේ ආර්ථිකය සය හත් ගුණයක් මෙන්ම එහි වෙළද ප්‍රබවය පස් හය ගුණයක් පකිස්ථානයට වඩා වැඩිය.

ඉන්දියාව සහ පකිස්ථානය අතර ගැටුමක් පැවතීමේ ඉඩකඩ තිබුනේ දවස් 20 යි නැතිනම් 22 යි. නමුත් දැන් ඉන්දියාවට ලැබී ඇති දියුණු යුද උපකරණ නිසා ඔවුන්ට දින 45 ක් දක්වා යුද්ද කල හැකියි. අපිට එවන් හැකියාවක් නැති බව මුක්තාර් මහතා බි බි සි උර්දු සේවය සමග පැවතී සම්මුක සාකච්චාවකදී ප්‍රකාශ කළේය.

2008 මුම්බායි ප්‍රහාරයෙන් පසුව දෙරට අතර සබදතා යහපත් කිරීමට දෙරටම ක්‍රියා කරන බව හෙතෙම පැවසුවේය.

පකිස්ථානය මුලික කරගෙන පිහිටි ලෂ්කාර් ඒ ටිබ විසින් මුම්බායි ප්‍රහාරය සිදුකිරීමෙන් අනතුරුව දෙරට අතර වසර දෙකක් පමණ අත්හිටුවා තිබුණු සාකච්චා මේ වසර මුලදී නැවත ආරම්බ විය.

ද හින්දු ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා


Tell a Friend