ඩොලර් මිලියන 25 ක වටිනාකමක් ලබා දී තිබු අල් කයිඩා නායක බින් ලාඩන් පකිස්තානයේ ඉස්ලාමාබාද් හීදී මිය ගිය බව ජනාධිපති බරක් ඔබාමා මීට සුළු වෙලාවකට පෙර නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය
අල කයිඩා සංවිධානයෙන් හදිසි ප්රහාරයක් එල්ල විය හැකි බැවින් ලොව පුරා පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලවල ආරක්ෂාව තරකොට ඇත. එසේම මිලියන ගණනක් වූ ඇමෙරිකානුවන් ත්රස්තවාදී නායකයාගේ වියෝව සමරන අකාරය දැක ගත හැකිය.
Updated at May 2-.6.30 am-------------------------------------------------------
අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මිය ගිය බව නිල වශයෙන් දැනුම් දීම සඳහා ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය. අල් කයිඩා නායකයා ඇෆ්ඝනිස්තානයේදී මිය ගිය බවත් ඔහුගේ මළ සිරුර ඇමෙරිකානු බලධාරීන් සතුව ඇති බවත් දැනට තහවුරු වී ඇත. ඔහු මිය ගියේ ඇෆ්ගනිසතානයේද නැතහොත් පකිස්ථානයේද යන්න තවමත් තහවූ වී නැති නමුත් එය සංඛේතිය ජයග්රහණයක් බව බලධාරීන් සඳහන් කොට ඇත.
Post a Comment