ප්‍රසංග ප්‍රනාන්දු
එල් ටී ටී ඊ සංවිධානය මෙරටේ ආණ්ඩු වලට සහ මහජනතාවට ප්‍රධාන ප්‍රශ්නයක් යැයි නිතරම මතුර මතුර ඉන් ප්රජෝයජනය ගනිමින් සිටි දේශපාලකයින් ගැන අවබෝධයෙන් සිටි ජනතාවට 200-2005 ව්න විට කොටි සංවිධානය නැති කර දැමීම සඳහා යොමුවෙන අයෙක් නායකයා කර ගැනීමට අවශ්‍ය විය. එය හඳුනාගත් රාජපක්ෂ සහ ඔහුගේ එවකට සිටි සගයින් ප්‍රයෝජනය ගත්තේය. කොටි සංවිධානය සම්නග මුල්‍යමය ගනුදෙනුවක් කරමින් පසුව කොටි සංවිධානය නැති කිරීම සඳහා සමාජය විසින්ම රාජපක්ෂ තල්ලු කරනු ලැබීය. එසේම ඊට කොටි සංවිධානයේ ඒ වනවිට තිබු අභ්‍යන්තර අරගලද ඍජු ලෙස බල පෑවේය.
කොටි සංවිධානය සහ සැලකිය යුතු මට්ටමේ සිවිල් වැසියන් දහස් ගණනක් අතුගා දැමීමෙන් පසු සිංහල බෞද්ධ වගේම බොහෝ දෙනෙක් කිරිබත් කමින් සිංහ කොඩියෙන් අමුඩ ගසාගන නීතිය රැකිමට සිටි නිලධාරින් ඉදිරියේ නීතියද අතට අරන් අමනයන් ලෙස හැසුරුනහ. අප දන්නා තරමින් ශ්‍රි ලංකාවේ ජාතින් කීපයක් ජීවත් වුන අතර දමිල ඊළාම් යුද්ධය අවසානයේදී රට පාලනය කල රජතුමන් විසින් පලමුවරට ජනතාව අමතමින් මැජික් බලයෙන් සියලුම ජාතින් එකතුකර ෆ්රුටිසැලඩ් එකක් සාදා එකී ජනතාව කොටස් දෙකකට වෙන් කළේය. එයින් එක් කොටසක් නමි රටට ආදරය කරන ජනතාව සහ අනෙක් කොටස නම් රටට ද්‍රෝහී වන ජනතාවයි. රටට ආදරය කරන ජනතාවගේ වගකීම ලෙස මහරජා රටවැසියන්ට ප්‍රකාශ කර සිටියේ රටේ පාලකයන් විසින් කරනු ලබන අතුරුදහන් කරවීමි මරාදැමීමි විශාල වශයෙන් සිදු කරන වංචා දූෂනයන් ඉදිරියේ ලාදුරු රෝගින් ලෙස සිටින්නන් ගැනය. ලාදුරු රෝගය වැලඳුනේ නැති ජනතාව නමි රටට ආදරය නොකරන ජනතාව ලෙස ඔහු කිව්වේය. එහිදී මහරජා විසින් කියා සිටියේ මෙම ජාතියට තමන්ගේ සියලුම බලය යොදා ලාදුරු රෝගය පතුරන බවයි. එහිදී එම එන්නත ලබාදීම සඳහා වගකීම පැවරුවේ ලිඳේ ඉන්න මැඩියන් වැනි රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය ආයතනයන් ඇතුලු කොන්දක් නැති පබයන්ටය. මෙකි නොකි සියලුම ආමිපන්න භාවිතා කර දෙමලුන්ව ඉවරකලේයැයි සිතමු. මෙහිදී මට ගමේ කතාවක් මතකයට නැගේ. එම කතාවේ කතානායකයා ගමක මෝඩ චන්ඩියෙකි. මොහු දවසක් දෙපැත්ත කැපෙන පිහියක් අරන් කරකව කරකව එද්දි මෙය දැක ගමේ තරුණියක් කිවේ ඕක භයානක ආයුධයක් පරිස්සමින් කියද්දීම මොහු මේක මට ගිලින්න පුළුවන් කියා එක පාරටම පිහිය ගිල්ලේය.
ශ්‍රි ලංකා රජය පවත්වාගෙන යෑම සඳහා එක් එක් දේශපාලන පක්ෂ විවිධ කාලවකවානු තුල නොයෙකුත් බිල්ලන් පාවිච්චි කලේය. මෙහි ප්‍රධාන බිල්ලා වන්නේ වේලුපිල්ලේ ප්රභාකරන්ය. මෙම බිල්ලාව අතුගා දැමීමෙන් පසු රටවැසියන්ට මොකක්දෝ අඩුවක් දැනිනි. වෙනදට වැඩ නිමවී නිවසට එන්නේ රූපවාහිනියේ දිගහැරෙන ප්‍රවීන යුධ වාර්තා කරුවකුවන සමන් කුමාර රාමවික්‍රම ගේ යුධ අසිරිය විඳින ගමන් අපේ සිංහ පැටවු ගහද්දි දෙමලුන් කීයක් මැරිලද යන යුධ ආස්වාදය සමග වෑංජන නැතත් බත් ටිකක් කෑමටය. මොහුද එල් ටි ටී ඊයෙන් රට මුදාගැනීමට මහත් වෙහෙසක් දැරුවා වගේම එල් ටී ටී ඊ ය සතුව තිබු ලැප්ටොප් සහ වීඩියෝ කැමරාද රජයටත් හොරා මූදාගැනීමට සමත් විය. කාලයාගේ ඇවැමෙන් මෙම බිල්ලාගේ අඩුව රටවැසීයාට තදේටම දැනෙන්න ගත්තේ යුද්ධය අවසන්වී හංසයා කරලියට පැමිනීමෙනි. මෙහිදි රටවැසියගේ ඉල්ලීම පරිදි නව බිල්ලා වන පාතාල බිල්ලෙක් පවත්නා රජය විසින් මහජනතාව හට ඉදිරිපත් කලේය. මහජනතාව මෙම බිල්ලාගේන්ද පෙර පරිදි ආතල් එකක් ගත්තේය. ඒ මේවායේ බරපතල කමනොදැනය.
පසුගිය වසර දෙක තුල පාතාලයන් යැයි හන්වඩු ගසා විශාල පිරිසක් නීතියෙන් පිට මැරුවේය. මෙහිදී ප්‍රධාන වගකීම බාරවවූයේ පොලීසියටය. පොලීසියට ඉහලින් ලැබෙන විදානය අනුව විශාල පිරිසක් බෝම්බ පෙන්වන්න යෑමෙදී බෝමීබයක් දමා ගැසීමට යෑමේදී පොලිස් වෙඩි පහරින් මැරුන බවට රාජ්‍ය මාධ්‍ය විකාශනය කරන ලදි. සමහර සැක කරුවන් මාංචු දමාතිබියදී බොල්ගොඩ ගඟට පැන පීනන්න උත්සහ කිරිමේදී මියගිය බව පොලීසිය ප්‍රකාශ කල අතර එම මරනය සම්බන්ධයෙන් කරන ලද අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය වී තිබුනේ මෙම පුද්ගලයා මියයන විට ඔහුගේ දෑත් කෑඩී ඇතිබවයි. මෙම පාතාලයන් යනු කවුරුන්ද අපදන්නා ඉතිහාසයෙද ඒ කාලයට අනුව මෙම අය ගමේම චන්ඩින්ය. වර්තමානයේදී හඳුන්වන්නේ පාතාලයන් ලෙසය. ඒ කාලයේ සමහර ගමේම චන්ඩින්ට ගමිවැසියන්ගේ ගරුත්වයක් තිබුනි. අද කාලයේ පාතාලයන්ට කිසි ගුනක් අගුනක් නැත. ඔවුන්ට කිරිපොවා උස්මහත් කරන්නේ ප්‍රදේශයේ දේශපාලුවා සහ පොලීසියයි. මෙම දෙපලගේ උදවු නැතිව කිසිම පාතාලයකුහට නැගීසිටිමට නොහැකිය.
මෙයට හොඳම උදාහරනය වන්නේ ලංකාවේ පාතාල මර්දනයත් පටන් ගන්නවාත් සමගම රජ පැලැන්තියකට උරුමකමී කියන ඇමතිවරයකු ළඟ සිටි පාතාල නායකයෙකුව අදාල ඇමති වරයා විසින්ම කටුනායක ගුවන්තොටුපලෙන් පිටත් කර හරින ලදි. මෙම පාතාලයන්ට අධිකරණය විසින් දඩුවමි ලබාදීම රජයේ වගකීමයි. නමුත් මෙම පාතාලයන්ට අධිකරණයෙන් දඩුවමි ලබාදීම වෙනුවට රජය කරන්නේ ඔවුන්ව නීතියේ වග විභාගයකින් තොරව මාරාදැමීමයි.
මෙයට හේතුවක් තිබේ. එනමි නීතියට අනුව පාතාලයන්ගේ නඩු අසා දඩුවමී කීරීමට යෑමේදී මෙම රටේ ප්‍රධාන පෙලේ දේශපාලකයන්ට සහ පොලිස් ලොක්කන්ටද පාතලයන්ට හිමි දඩුවමින් හරි අඩක් ඔවුන්ටද හිමිවන නිසාය. මෙම නීතියට පිට සිදුවන ඝාතනයන් හේතුවෙන් ලංකාවේ පොලිසියට මහජනතාව සහ රටේ වගකිව යුත්තන් විසින් අනිසි බලයක් ඔවුන් වෙත ලබාදී ඇත. මෙම තත්වය තුල පොලිස් වධහිංසාවද රටතුල ඉහලගිය අතර ඔනෑම අහිංසකයෙකුට වධහිංසාකර ඝාතනයකීරිමෙන් පසු ඔහුට පිලිකුල් නමක්ද පටබැද පොලීසිය සතු අයුධයක්ද දමා ප්‍රදානපෙලේ පාතාලයකු ලෙස මාද්‍ය ඔස්සේ මහජනතාව හට ආතල් එකක් ලබාදෙයි. මෙම මරණ වලට අධිකරණයෙන්ද සහනයක් නැත. පොලිසිය විසින් අධිකරණය වෙත පාතාලයන් සම්බන්ධයෙන් කියන එකම කාරනය වන පොලීසියට බෝමීබ දමාගැසීමට ගියබව පැවසුවද විනිසුරුද එය අනුමත කරන නමුත් විනිසුරු වරුන්ට නිකමටවත් හිතිල ඇයි මාංචු නැද්ද පොලීසියේ මේ මිනිස්සුනට දාන්න යැයි ඇසුවා නමී අද පාතාලයන්ට නිසිලෙස දඩුවමී දීමට අධිකරණය හට හැකිවනු ඇත. මෙම තත්වය මහජනයාට තේරුනද නොතේරුන ගානට සිටී මෙය රටේ නීතියේ ආධිපත්‍ය නැතිවී යාමකි. රජයට සාපේක්ෂව පාතාලයද අතුගා දාමා ඇති නමුත් රජය මහජනතාවගේ ඉල්ලීම මත නව බිල්ලෙක් කරලියට දමා ඇත ඒ මූන් බිල්ලාය.
Post a Comment