කිෂානි වැලිවිටිගොඩ
ඇමරිකානු ප්රහාරයකින් ඝාතනයට ලක් වූ ඔසාමා බින් ලාඩන් මහතාගේ යේමන් ජාතික බිරිඳගේ ගුවන් ගමන් බලපත්රය පකිස්ථානයේ රුපවාහිනී නාලිකාවක් වෙත ලැබුන බව එම ආයතනය සඳහන් කරයි.අල කයිඩා සංවිධානයට සහ අනෙකුත් බොහොමයක් ඉස්ලාමිය සංවිධාන වල ක්රියාකාරිත්වයන් ගැන රහස් හෙළි කරන අදාළ අරාබි නාලිකාව අදාළ ගුවන් බලපත්රය අද අලුයම ප්රසිද්ධ කරනු ලැබුණි.
අදාළ වාර්තාව සඳහන් කරන ආකාරයට අමල් අහමෙල් අබ්දෙල් ෆාටාහ් යනු බින් ලාඩන්ගේ බිරිඳගේ නම වේ. මේ අතර පසුගියදා සිදු වූ ප්රහාරයෙන් ඔසාමා බින් ලාඩන්ගේ එක පුත්රයෙකු ප්රහාරයේදී මිය ගිය අතර ප්රහාරයේදී ඔහුගේ දියණියන් දෙදෙනෙකු තුවාල ලැබුහ. නමුත් ඔවුන් දෙදෙනා ප්රශ්න කිරීම් සඳහා රහසිගත ස්ථානයකට ඇමෙරිකානු බලධාරීන් විසින් රැගෙන ගිය බව ලැබෙන නවතම වාර්තා සඳහන් කරයි.
මෙහෙයුමේදී බින් ලාඩන් වාසය කළ ස්තානය දෙකට බෙදී ගොස් ඇත. එහි ඔසාමාගේ සහෝදරයින් දෙදෙනෙකු වන අර්ශඩ් සහ තාරික් වාසය කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
Post a Comment