හර්ෂි සි. පෙරේරා
මගේ නම වසන්ත නිරෝෂන්. මගේ ගම මොරොන්තුඩුව.
මව 2011 ජනවාරි පළමුවැනිදා මිල්ලනිය ලංකා බුෂ් ආයතනයේ සේවය කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. මාව පළමුවැනිදා සිට හතරවැනිදා දක්වා මොරොන්තුඩුව පොලිසියේ නීතිවිරෝදී ලෙස රදවාගෙන සිටියා.
මාව 2011.01.04 වන දින පානදුර මහේස්ත්රාත් අදිකරනයට ඉදිරිපත් කර ඒ නඩු අංක 96749 යටතේ. ගංජා ග්රෑම් 500 ක් ප්රවාහනය කිරීම ගැන වියාජ නඩුවක් පවරා තිබුණා.
පොලිසිය එදා ගංජා ග්රෑම් 500 , අංක යු වයි 2649 දරන යතුරුපැදිය සහ මගේ ජංගම දුරකථනය අදිකරණයට ඉදිරිපත් කළා.
මාව 2011.01.14 දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරා. නැවත දින 14 කට බන්දනාගාර ගත කළා. මේ ආකාරයට මම දින 70 ක් රක්ෂිත බන්දනාගාරයේ සිටියා.
පොලිසිය මාව අත්අඩංගුවට ගත්තේ 2010.01.01 වුනත් අදිකරණයට කිවේ 2011.01.03 දින කියලා.
කෙසේනමුත් 2011.03.11 දින මේ වියාජ නඩුවෙන් මාව නිදහස් කළා.
මම අහන ප්රශ්නය තමයි ගංජා ග්රෑම් 500 සහ අංක 2649 දරන යතුරුපැදිය කොහොමද පොලිසියට ලැබුනේ? කියලා.
Post a Comment