බත් පැකට් විකිණීම - REPLY

අමිල ගුණරත්න

රට රටවල ධර්ම ප්‍රචාරය සඳහා පිටරට ගිය අපේ සමහර හාමුදුරුවරුන් කරන දේ මෙන්න යන ලිපිය සම්බන්දයෙන් මිසිසාගා පන්සලේ දායකයෙකු විසින් කරුණු පැහැදිලි කිරීමක් ඒවා තිබේ. ඔහු පවසන අන්දමට එම බත් පැකට් විකිණීම කරනුයේ ගොඩනැගිලි අරමුදල සඳහාය. මුලින්ම කිව යුත්තේ මෙම ලියුම්කරුට ආගම් පිලිබඳ විරෝධයක් නැත. නමුත් ආගම දඩමීමා කරගෙන කරන විජ්ජා ගැන අපි ලියමු. පෙර අපගේ ලිපි වලින් බෙල්ලන්විල විමලරතන භික්ෂුවගේ ගෝල්ඩන් කී හුටපටයද මැල්කම් රන්ජිත් කදිනල්තුමාගේ කොටි හුරතලය ගැනද ලියා තියෙන්නේ ලංකාවේ පුවත්පත්වල දැවැන්ත කතුවරුන් තිත්ත කසාය බීපු ගොළුවන් සේ හැසිරෙන කාලයකය. මොන ආගමේ ආගමෙන් කරත් වැරැද්ද වැරැද්දය. වැරැද්ද අප බෞද්ධ, ක්‍රිස්තියානි, කතෝලික හෝ ඉස්ලාම් කියා වර්ගීකරණය කරන්නේ නැත. අප වැරැද්ද දකින්නේ වැරැද්ද ලෙසටය. ලංකාවේ පන්සල්වල ගොඩනැගිලි අරමුදල සඳහා සල්පිල් පවත්වති. මල් වට්ටි වෙන්දේසි කරති. එය අහිංසක ක්‍රියාවකි. නමුත් බත් පැකට් විකිණීම ගැන අප අස නැත. බුදුදහම ගැන හසල දැනුමක් තිබෙන ගිහි පින් වතෙකුගෙන් කරුණ ගැන විමසු විට ඔහු කීවේ මෙම ක්‍රියාවට පන්සල සම්බන්ධ කර ගැනීමෙන් විනය පිටකයට අනුව ඇවතක් සිදුවන බවයි. පසුගිය මාසයක මෙනු පත්‍රයේ කුකුල් මස් ගැනද සඳහන්ව තිබුණු බවද සඳහන් වේ. ඉදිරි කාලයේ ගොඩනැගිලි අරමුදල සඳහා කියමින් යම් දායකයෙකු කැසිනෝ , ගණිකා මඩම් ආරම්භ කිරීමට යෝජනා කලොත් ?

බටහිර රටවල තායි , වියට්නාම් , නේපාල බෞද්ධ පන්සල් තිබේ . ඔවුන් විනයනුකුලව වත් පිළිවෙත් අනුගමනය කරති. ඔවුන්ගේ ප්‍රත්පත්ති පුජාව විනය නිසා බටහිර වැසියන් තුල එම භික්ෂුන් කෙරෙහි ඇත්තේ ගෞරවයකි. එම පන්සල් දායක සභාවල ඉන්න තම තමන්ගේ න්‍යාය පත්‍ර වලට වැඩ කරන ගිහියන් කියන ආකාරයට නටන්නේ නැත. ඔවුන් අනුගමනය කරන්නේ බුදු මග මිස ගිහි න්‍යාය පත්‍ර නොවේ. එම නිසා එවැනි පන්සල්වලට භාවනා කිරීමට එන සුදු ක්‍රිස්තියානි මිනිසුන්ද පැහැදී ආධාර කරති. එම පන්සල් බත් පැකට් විකුනන්නේ නැත.

Tell a Friend