අමිල ගුණරත්න
නේටෝ ගුවන් ප්‍රහාර වලින් ගඩාෆිගේ පුතා සහ මුණබුරන් කීප දෙනෙකු මිය ගිය බව වාර්තා විය. එය වාර්තා වුයේ ඇල්මැරුණු ස්වභාවයකිනි . 1986 දී ද ගුවන් ප්රහාරකින් ඔහුගේ කුඩා දියණියක් මරුමුවට පත් වුවාය. එයද එතරම් විශේෂ මාධ්‍ය පුවතක් වුයේ නැත. ගඩාෆි යනු ඒකාධිපතියෙකි. එහි කිසිම සැකයක් නැත. ඔහු ජනතාව පෙලන්නෙකි. එහිද කිසිදු සැක නැත. නමුත් ප්රශ්නය ඇත්තේ ජගත් මාධ්‍යයේ හැසිරීමයි. ගඩාෆි ගේ ප්‍රහාර වලින් ඇමරිකාවේ , එංගලන්තයේ දේශපාලඥයෙකුගේ දරුවෙකු, මුනබුරෙකු මිය ගියහොත් එය කෙතරම් ශෝකය දනවන , ඇඟ හිරිවට්ටන පුවතක් වේද ? බටහිර මාධ්‍ය එම දුක් සහිත පුවත කොතෙක්දුරට පුනරුක්තියේ යොදවයිද? අවසාන විග්රහයේදී පෙනී යන්නේ අප ජිවත් වන්නේ දෙබිඩි ලෝකයක බවයි. එහි මනුෂ්‍ය ජීවිත වලටද නිර්නායකයන් දෙකක් තිබේ.
Post a Comment