සුබ අනාගතයට හෙන ගහයි. තවත් බිලිදෙක් !

දින පහළොවක් වයසැති සිඟති බිළිඳියක් ළිඳකට දමා ඝාතනය කළ බව කියන මවක් බිංගිරිය පොලිසිය විසින් මීටස්වල්ප මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය වැල්ලාරාව රත්මල්වල ප‍්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කතක් බව පැවසේ.

ඇයට වයස අවුරුදු 9ක දියණියක් හා වයස අවුරුදු එකහමාරක පිරිමි දරුවෙකු සිටින බව වාර්තා වේ.

අළුතින් බිහිකළ බිළිඳිය හදාවඩා ගැනීමට වත්කමක් නොමැති නිසා ඇය ළිඳට දැමූ බව සැකකාරිය පොලිසියට පවසා ඇත.


Tell a Friend