කේ.ඩී. ලාල්කාන්ත
පෞද්ගලික අංශය සඳහා ප්‍රෝඩාකාරී ලෙස ඉදිරපත් කරන ලද යෝජිත විශ්‍රාම වැටුප් පනතට එරෙහිව විරෝධය පලකරමින් අද (24) කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවකයින් වීදි බැස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ සිටින අතර, එම උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය මැඩ පැවැත්වීමට ආණ්ඩුව විසින් දරන ලද උත්සාහයන් හමුවේ මේ වනවිට සේවකයින් 50 දෙනෙකු පමණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ගැටුම්කාරී තත්වයක් උද්ගත වී තිබේ. ආණ්ඩුව විසින් ගෙන ආ විශ්‍රාම වැටුප් ප්‍රෝඩාව පරාජය කිරීමේ අරමුණින් පෙල ගැසී තිඛෙන මේ සේවක විරෝධය තවදුරටත් උත්සන්න වෙමින් තිඛෙන අතර ඒ සඳහා වන විසදුම සේවකයින් මර්දනය කිරීම නොවන බව ප්‍රකාශ කර සිටින අප සේවකයින්ට පහර දෙමින් ඔවුන් අත්අඩංගුවට ගනිමින් සිදුකරන ආණ්ඩුවේ මැර කි්‍රයාකලාපය සම්පූර්ණයෙන්ම හෙලා දකිමු. විශ්‍රාම වැටුප් ප්‍රෝඩාව සම්බන්ධයෙන් මතු වී ඇති තත්වය තුළ දැන් ජනාධිපතිවරයා විසින් කළ යුත්තේ මෙම ප්‍රෝඩාකාරී පනත පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නොමැති බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර පනත ඉල්ලා අස්කර ගැනීමයි. එසේ නොකර එම ප්‍රෝඩාකාරී පනත පිළිබඳව තේරුම් ගනිමින් විරෝධය දක්වන වැඩකරන ජනතාව මර්දනය කිරීමට කිසිදු අයිතියක් ආණ්ඩුවට නැත.
කෙසේවෙතත් රට පුරා මතුවී ඇති සේවක විරෝධය විදිමත් සංවිධාන ක්‍රමයකට හසුරුවමින් සංවිධානාත්මක අරගලයක් තුලින් මෙම ප්‍රෝඩාකාරී පනත අහෝසි කර ගැනීමත් පෞද්ගලික අංශයේ සේවකයින්ට විධිමත්
විශ්‍රාම වැටුප් ක්‍රමයක් දිනාගැනීමත් කළ යුතුව ඇත.
ජාතික වෘත්තිය සමිති මධයස්ථානය ලෙස මෙම ප්‍රෝඩාකාරී පනතට එරෙහිව අරගලය ශක්තිමත්ව හා සංවිධානාත්මකව පෙරට ගෙන යෑමට උපරිම සහාය ලබාදීමට කටයුතු කරමින් සිටින අතර අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් මෙම ප්‍රශ්නය අවුල් නොකර මෙම පනත හකුලා ගන්නා බවට පැහැදිලි ප්‍රකාශයක් සිදුකරන ලෙසය.
Post a Comment