හර්ෂි සි. පෙරේරා
රාජපක්ස රෙජීමයේ තර්ජන ගර්ජන නිසා සැබෑවටම රට හැර ගිය මද්යවේදීන් සිටිති. නමුත් රට හැර ගිය ඇතැම් මද්යවේදීන්ට ලංකාවේ තර්ජන තිබුනේ තමන්ගේ ගෙදර නෝනා මහත්තයා ගෙනි. මද්යවේදීන් ලෙස කොරෝල කඩ මුදලාලි ලද වෙස් වලාගෙන පිටරට ගියහ.
සැබෑවට ජිවිත තර්ජන හේතුවෙන් රට හැර ගිය මාද්‍යවේදීන් ගෙන් යමක් ලියන්නේ දෙතුන් දෙනෙකි. එවන් තත්වයක් තුල සොනාලි සමරසිංහ වික්‍රමතුංග ගේ මෙම වෑයම පැසසුමට ලක්විය යුතුය.
ඝාතනයට ලක්වූ ‘දි සන්ඬේ ලීඩර්’ සංස්කාරක ලසන්ත වික‍්‍රමතුංගගේ වැන්දඹු බිරිඳ වන සොනාලි සමරසිංහ වික‍්‍රමතුංග විසින් පොදු යහපත වෙනුවෙන් වන වෙබ් අඩවියක් ආරම්භ කරයි. මේ වන විට විදෙස්ගතව වෙසෙන ඇය අරඹා ඇති වෙබ් අඩවිය නම් කොට ඇත්තේ www.lankaindependent.com.
යනුවෙනි.
වික‍්‍රමතුංග මහත්මිය එහි ප‍්‍රධාන සංස්කාරක ධූරයෙහි කටයුතු කරන්නීය.නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු උවිඳු කුරුකුලසූරිය එම වෙබ් අඩවියේ උපදේශක සංස්කාරක වශයෙන් පත්ව සිටී. ප‍්‍රවීන මාධ්‍යවේදීන් විසින් ඊට සපයනු ලබන ලිපිවලින් ශී‍්‍ර ලංකාවට,දකුණු ආසියාවට හා සමස්ත ලෝකයටම වැදගත් වන කරුණු ඉදිරිපත් කරන බව එම වෙබ් අඩවියෙහි දැක්වේ.

Post a Comment