යාපනයේ මද්යවෙදියට එල්ල කල ප්‍රහාරය හෙළාදකිමු.

නන්නාදුනන කණ්ඩායමක් යාපනයේදී මද්යවෙදියකුට අමානුෂික ලෙස පහර දී ඇත. මේ මද්යවේදියා යාපනය මුලික කරගෙන "උතයන්" දින පතා පුවත් පතට සම්බන්ද අයෙකි. ඔහුට මෙසේ පහර දී ඇත්තේ යාපනය හින්දු විද්‍යාලය අසන්නයේදීය. මේ පහර දුන් කණ්ඩායම පුද්ගලයින් පස්දෙනෙකුගෙන් සමන්විත වූ බව කියවේ.

මේ ආකාරයට ප්‍රහාරයට ගොදුරු වුයේ මද්‍යවේදී එස්. කවිතාරන්ය. ඔහුව යාපන රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇති අතර පොලිසියට පැමිණිලි කර තිබේ. පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඩේලි මිරර් ඇසුරෙන්,
-හර්ෂි-