ගාල්ලේ මවක් දියණිය සමග ලිදට පැනලා.

ගාල්ල අක්මීමන වෙරළුගහ දූව ප‍්‍රදේශයේ මවක් සතියක් වයසැති සිය දියණියද සමඟ ළිඳකට පැන දිවි හානි කර ගගෙන තිබේ.
මියගිය මවගේ වයස වයස අවුරුදු 37 ක් බව පැවසේ.

මියගිය අයගේ සැමියා පැවසුවේ, ඊයේ (29) රාති‍්‍ර සිය බිරියත් දරුවාත් එක්ව නින්දට ගිය බවත්, අද අලූයම අවදි වී බැලීමේදී සිඟිති දියණිය සහ ඇගේ මව නොසිටි හෙයින් සොයා බැලීමේදී ඔවුන්ගේ සිරුරු යාබද ළිඳක තිබී සොයා ගැනීමට හැකිවූ බවය.


සිඟිති දියණියට ප‍්‍රතිකාර ගැනීම සඳහා මව ඊයේ වෛද්‍යවරයෙකු වෙත ගොස් ඇති බවත්, එහිදී වෛද්‍යවරයා විසින් දියණියගේ පාදවල ආබාධයක් ඇතැයි පවසා ඇති බවත්, ඉන් කනස්සල්ලට පත් මෙම මව මෙසේ දිවි හානිකර ගන්නට ඇතැයි පොලිසිය සැකකෙරේ.
Tell a Friend