ඉන්දියාවේ තරුණ යුවලක් ගල්ගසා මරාදැමීම ගැන එරට පොලිසිය පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් දෙදෙනා අතර වූ ප්‍රේම සම්බන්දයට ඔවුන්ගේ අනුමැතිය ලැබී නැත.
චුදිතයින් අතර මරාදැමු කාන්තාවගේ දෙමාපියන්ද සිටිති. ඇයවද සිය පෙම්වතා අසල තබා මරා දමනු ලැබිණි. ඔහු උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පහල සමාජ පන්තියකින් පැවත එන අයෙකි.
ඉන්දියාවේ සම්ප්‍රදායන්ට සහ පවුලේ ගරුත්වයට විරුද්දවන්නන් මේ ආකාරයට මරාදැමීම පිළිබද සිද්දීන් ගණනාවකි.
මෙම අපරාදයන්ට බොහෝවිට ගම්වල වැඩිහිටියන්ගේ අනුමැතිය සහ ආශීර්වාදය හිමිවේ.
මේ අලුත්ම සිද්දියේදී රජීව් වර්මා සහ ඔහුගේ පෙම්වතිය එනම් රේණු පල්ව 200 ක් පමණ වූ ප්‍රකෝපකාරී කණ්ඩායමක් විසින් ගල්ගසා මරාදැමුනු අතර මෙම කණ්ඩායමේ වැඩිපුර සිටියේ කාන්තාවගේ පැත්තේ ඥාතින්ය.
ගිය මාසයේ ඉන්දීය ශ්‍රේෂ්ටාදිකරණය මෙවැනි ගාතන මැඩපැවැත්වීමට අපෝසත් වන ඉහල නිලදාරින්ට විරුද්දව නඩු පවරන බවට අනතුරු ඇගවිය.
බි බි සි ඇසුරෙන්
- හර්ෂි -
Home worldview ඉන්දියානු යුවලක්ව ගල්ගසා මරා දමයි.
ඉන්දියානු යුවලක්ව ගල්ගසා මරා දමයි.
By Anonymous • May 06, 2011 • Harshi C. Perera worldview • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment