සුබ අනාගතය !

හර්ෂි සි. පෙරේරා

අද ඩේලි මිරර් විද්‍යුත් පුවත් පත වාර්තා කලේ වාර්ෂිකව පාසල් හැර යන්නන්ගේ සංකයාව ලක්ෂ දෙකක් වන බවයි. තවදුරටත් හෙළිදරවු වන්නේ සලකියයුතු දෙමාපියන් පිරිසක් තම දරුවන් 05 පන්තිය දක්වා ඉගෙන ගැනීම ප්‍රමාණවත් යයි සිතන බවයි. මෙය කෙදවාචකයකි. අප අසා ඇත්තේ එක් පාසලක් වැහෙන විට සිරගෙවල් දෙකක් ඇරෙන බවයි.

හැබැයි උදේ සිට රැ වනතුරු ආණ්ඩුවේ හොරනාවල් සුබ අනාගතයක් ගැන කතා කරයි. මේ වනවිට සාමාන්‍ය මිනිසුන් රැස්වීමක් අහවර කරන්නේද සුබ අනාගතයක් යයි පවසමිනි. මෙය පෙන්නුම් කරන්නේ අපේ රටේ නායකයින් සාමාන්‍ය ජනයාව මුලාවට පත්කර ඇති තරමයි.

ආණ්ඩුවේ මෙම සත්‍ය විකුර්ති කිරීමේ තත්වයෙන් ජනයා තවදුරටත් මුලාවට පත්වීම වළකා ගන්නේ කෙසේද?

මෙම කඩාවැටීම රටේ අද්දයාපන ක්ෂේත්‍රයේ පමණක් නොව සියලුම ක්ෂේත්‍ර වලින් අඩු වැඩි වශයෙන් පිලිබිබු වෙයි. දැනුම අඩු ජනයා මුලාකිරීම රටක පාලකයාට හොදින් සිදුකල හැක. ඒ නිසා රටේ නුගතුන් වැඩිවීම පාලකයාට ආශීර්වාදයක් වේ.







Tell a Friend