නීතිය බල්ලට දමමින් නායකත්ව පුහුණුව ඇරබේ.

හර්ෂි සි. පෙරේරා

පුවතක්

විශ්ව විද්‍යාලයනට ඇතුළු වන සිසුන්හට ලබන සඳුදා ඇරැඹීමට නියමිත වැඩ සටහන සතියකට අත් හිටුවීමට ඇති ඉඩකඩ සොයා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිට දැනුම් දුන්නේය. එම වැඩසටහන අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳැවූ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ශ්‍රී පවන් ඇතුළු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙ බව රජයේ නීතිඥ නෙරින් පුල්ලේ මහතාට දැන්වීය.

තවත් පුවතක්

සරසවි සිසුනට නායකත්ව පුහුණුව දීම අද සිට ඇරැඹිණි. අම්පාර යුද හමුදා කඳවුරේදී මේ පුහුණුව පැවැත්විණි.

මේ පුවත් දෙක අනුව පෙනී යන්නේ කුමක්ද? අනාගත නායකයින්ට නීති කඩන ලෙස උල්පන්දම් දීම නොවේද? මේ නායකත්ව පුහුණුව බිහි කරන්නේ තවත් ගඩාපිලය. තවත් රාජපක්සලය.

සබැ නායකයා නීතියට හිස නැමිය යුතුය. පළමුව තමා ආදර්ශයට ගෙන දෙවනුව සෙස්සන්ට ආදර්ශය ලබා දිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු නම් මානව හිමිකම්, නීතියේ අදිපත්‍ය, ඥාති සංග්‍රහය පිටු දකින, වංචාව සහ දුෂණයෙන් තොර වුවෙකු විය යුතුය. නමුත් ඉහත විශ්වවිද්‍යාල සිසුන් සදහා නායකත්ව පුහුණුව ආරම්බ කර ඇත්තේද මෙරට උත්තරීතර අදිකරණයට අපහාස කිරීමෙනි. මෙවැනි පුර්වදර්ශයකින් බිහිකරන අනාගත නායකයින් කෙබදුවේද?






Tell a Friend