බින් ලාඩන්ගේ මරණය

අමිල ගුණරත්න

බින් ලාඩන්ගේ මරණය ගැන පැවසෙන්නේ එය ඇමරිකාව ලබාගත් සුවිශේෂ ජයග්‍රහණයක් හැටියටය. බින් ලාඩන් පුරා දශකයකට අධික කාලයක් ඇමරිකාවට එරෙහිව විනාශකාරී යුධයක නිරත විය. ඔහු ඇමරිකානු පුරවැසියන් මරා දැමුවේය. ඇමරිකානු දේපොළ විනාශ කළේය. ඇමරිකානු පුරවැසියන්ගේ ජීවිත අනාරක්ෂිත කළේය. දැඩි ඇමරිකානු විරෝධයක් මැදපෙරදිග සහ අනෙකුත් ඉස්ලාමීය රටවල ඇති කළේය. එම නිසා බින් ලාඩන්ගේ මරණය ඇමරිකාව ලබාගත් සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස සැලකුවාට වරදක් නැත. එහෙත් බින් ලාඩන් නිෂ්පාදනය කලේ කවුද? බින් ලාඩන්ට මුදල්, අවි පුහුණුව , ආයුධ දුන්නේ කවුද? පෙන්ටගනය සහ
සී අයි ඒ ආයතන වල අමන නිලධාරිවාදය විසින් ඇමරිකානු ජනතාවගේ බදු මුදල් කන්දරාවක් යොදවා තනාගත් බින් ලාඩන් අවසානයේදී ඔවුන්ගේම අතේ පත්තු විය. ඔවුන් මරා දැමුවේ ඔවුන් විසින්ම කවා පොවා ඇති දැඩි කරගත් පුත්‍රයාවය. එම නිසා එය සුවිශේෂ ජයග්‍රහණයක් වන්නේ නැත.


Tell a Friend