හෂාන් බය වුනාද?

තරග පාවාදීම හෙළිදරවු කරන්න ඕනේ කියන ස්ථාවරයේ සිටි හෂාන් තිලේකරත්න දැන් එම තීරණය වෙනස් කර ඇත. ඔහු කියන්නේ නීති උපදෙස් මත තරග පවා දුන් අය හෙළිදරවු නොකරන බවයි. ඒ වෙනුවට තමා අදාල සාක්ෂි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත් කරන බව කියයි.

ඔහු තොරතුරු අනාවරණය නොකළ අතර කියාසිටියේ තමන්ගේ හෙලිදරවුව නිහඩ කිරීමට කුමන්ත්‍රණයක් ඇති බවයි.

බස්නාහිර පළාත් සබාවේ සමුළුවේදී ඔහු ප්‍රකාශයක් ඉදිරිපත් කල බව වාර්තා වෙයි. ඉන්පසුව ඔහු පළාත් සබා ගේට්ටුව අසල ඔහු එනතුරු පැය ගණනාවක් ඉවසීමෙන් රැදී සිටි මද්දය වේදීන් සියගණනක් ඇමතුවේය.

ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ හෂාන් ඉන්පසුව දේශපාලනඥයෙක් විය. ඔහු බස්නාහිර පළාත් සබාවේ සබිකයෙකි. සුදු ජාතික ඇදුමෙන් සැරසි සිටි ඔහු මද්දයවේදීන් ඇමතුවේය.

පසුව ඔහු සිය ප්‍රකාශය රැස්ව සිටි අය අතර බෙදා දෙන ලදී. එහි චෝදනා ගණනාවක් විය. එයින් බොහොමයක් පරිපාලනයට විරුද්දවය. නමුත් තරග පාවාදීම සම්බන්දයෙන් ඔහු කරන චෝදනා වලට අදාල කිසිවක් එහි වුයේ නැත.

ඩේලි මිරර් ඇසුරෙන්,
- හර්ෂි -