සිරියාවේදී අතුරුදහන් වූ මද්දයවෙදිනිය කෝ?

සිකුරාදා සිට අල් ජසීරා මද්දයවෙදිනිය අතුරුදහන්ව ඇත. අල් ජසීරා ඇය පිලිබදව වහාම තොරතුරක් ලබා දෙන ලෙස සිරියාවට බල කරයි.

ඩොරති පවේස් දෝහා කතර් වලින් සිරියාව බලා පිටත් ව ගියේ සිකුරාදාය. ඇය ගියේ මේවන විට සිරියාවේ සිදුවෙමින් පවතින දේ වාර්තා කිරීමටය. එහෙත් කටාර් ගුවන් සේවයේ ගොස් දමස්කස්හි ගොඩබැස්ස ඇය පිළිබද කිසිම තොරතුරක් මේ වනවිට ලැබී නැත.

ඩොරති ඇමෙරිකානු කැනේඩියානු සහ ඉරාන පුරවැසියක් වේ. පශ්තාත් උපාදිදරිනියක් වූ ඇය 2010 දී අල් ජසීරා හා සම්බන්ද විය. මෑතකදී ඇය ජපානයේ බුමිකම්පාව සහ සුනාමිය වාර්තාකරණයෙන් අල් ජසීරා මද්දය ජාලය හරහා සම්බන්ද විය.

අල් ජසීරා ප්‍රකාශකයකු කිවේ තමන් දොරතිගේ ආරක්ෂාව සහ යහපත පිලිබදව දැඩිව සැලකිලිමත් වන බවයි. තවද ඇය සිටින ස්ථානය පිලිබදව තොරතුරු ලබා ගැනීමට සිරියානු බලදාරින්ගේ සහය අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් කිවේය.

අල් ජසීරා ඇසුරෙන්
- හර්ෂි -