බින් ලාඩන් නැතිවීම ලෝකෙට සෙතක් - ඔබාමා


අල් කයිඩා නායකයාගේ මරණය නිසා ලෝකය ජීවත්වීමට යහපත් ආරක්‍ෂිත ස්ථානයක් වූ බව ඇමෙරිකානු ජනාදිපති කියයි.

ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ මෙමගින් යුක්තිය ඉටු කිරීම පිළිබද ඇමෙරිකාවේ කැපවීම පිලිබිබු වන බවයි.

බරක් ඔබාමා බ්‍රහස්පතින්දා නියු යෝර්ක්හි සංචාරය කිරීමට නියමිතය. ඒ 2011 සැප්තැම්බර් 11 ප්‍රහාරයේ වින්දිතයින් සිහි කිරීමට සහ මියගිය උදවියගේ පවුල්වල සාමාජිකයින් මුණගැසීමටය.

සැප්තැම්බර් 11 නිවුයෝක් සහ වොෂින්ටන් වෙත එල්ල කල ප්‍රහාරය සැලසුම් කිරීමේ වගකීම් බින් ලාඩන් බාර ගෙන තිබිණි.

අමෙරිකා හමුදා අතින් පකිස්ථානයේදී මරාදැමුනු බින් ලාඩන්ගේ සිරුර ඉතා ඉක්මනින් මුහුදේ බුමදාන කෙරිණි. ඒ මුස්ලිම් චාරිත්‍ර වලට අනුවය.

මේ සමගම ඇමෙරිකාව ලොවපුරා සිටින ඇමෙරිකානුවන්ට තම අර්රක්ෂාව සම්බන්දයෙන් සැලකිලිමත් වන ලෙස අනතුරු ඇගවිය.

අල් ජසීරා ඇසුරෙන්
- හර්ෂි -