කමාන්ඩෝ බටයින් බින් ලාඩන් මරාදැමීමෙන් පසුව ඔහුගේ වන්දබුවන් තිදෙනා ඔහු සිටි නිවසේ සිටින අතර ඔවුන්ට බොහෝ ඇමෙරිකානු නිලදාරීන් සැක කරන ආකාරයට පකිස්ථානය අල් කයිද නායකයාට රැකවරණය සපයුවාද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට සිදුවෙනු ඇත. මෙමගින් 2001 දී ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමෙන් පසුව බින් ලාඩන්ගේ එදිනෙද ජීවිතය ඔහුගේ ක්‍රියාකාරකම් සහ අල් කයිද හි අබ්යන්තර කටයුතු හෙළිදරවු කිරීමක්ද සිදුවෙනු ඇත.
මෙම කාන්තාවන් දරුවන් ගණනාවක්ද සමග නිවසින් අයින් කරගෙන ඔවුන්ව පකිස්තානු හමුදා බාරයේ සිටිති.
සි අයි ඒ සහ පකිස්ථාන රහස් අංශය එකට එකතුව ත්‍රස්තවාදය මැඩලීමේ කටයුතු වල නිරත වූ නමුත් ඇමෙරිකාවේ එක පාර්ශිකව සිදු කල මෙම වැටලීම නිසා සහ එය පකිස්ථානයේ අනුදැනුමකින් සිදුවූ නිසා දෙරට අතර අවිශ්වාසයක් ගොඩනැගී ඇත.
ද ටයිම්ස් ඔෆ් ඉන්දියා
- හර්ෂි -
Post a Comment