හර්ෂි සි පෙරේරා
පොලිස් වදහිංසාව, බොරු නඩු දැමීම, අල්ලස් ගැනීම ආදී නීති විරෝදී ක්‍රියා සැවොම දන්නවා. මේ අලුත්ම සිද්දිය. මෙහි විශේෂත්වය වදහින්සාවට ලක්වූ පුද්ගලයාගේ තරාතිරම. ඒ අනුව අදාල පොලිස් ලොක්කට මාරුවීමක් ලැබිල. ඒ අනුව පැහැදිලි වන්නේ පොලිසියේ කෙරුවාව ලොක්කන්ට දෙනෙන්න නම් ලොක්කන්ටම ගැසිය යුතු බව නොවේද?
ස්වාධීන රූපවාහිනියේ චැට් ඇන්ඞ් මියුසික් වැඩසටහන ඉදිරිපත් කරන නිරෝෂන් පේ‍්‍රමරත්න මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා.මෙයට හේතුවී ඇත්තේ පොලිස් පහරදීමකි.
පානදුර ප්‍රදේශයේ ඔහු ගමන් කරමින් සිටි වාහනය පොලිස් අණට හරිහැටි නතර නොකිරීම මත පොලිසිය සමග නිරෝෂන් ආරවුලක් ඇති කරගත් බවත් ඒ ගැටුමේදී මෙලෙස තුවාල ලැබූ බවත් වාර්තා වනවා.කෙසේ වෙතත් පහරදීම සිදුවෙද්දී ඔහු කවුද කියා පොලිසිය දැන සිට නෑ.
මෙම සිද්ධියෙන් පසු කිසියම් ඉහල තැනකට සිද්ධිය වාර්තාවී ඇති බවත් අනතුරුව පානදුර පොලිස් ස්ථානාධිපතිවරයාට වහා ක්‍රියාත්මක වන ස්ථාන මාරුවක් ලැබී ඇති බවත් වාර්තා වනවා.
Post a Comment