චම්පික හරි අමාරු වැඩක !

හර්ෂි සි. පෙරේරා

එළඹෙන ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් විදුලිබල ඇමති චම්පික රණවක ඇතුළු පිරිසක් හිස මුඩුකර දින 10 ක කාලයක් ආරණ්‍යගතව දස සිල්සමාදන් වුණා.

ඒ අනුව හිසමුඩකර සුදු වස්ත‍්‍ර හැඳ සිල්සමාදන්වීම බොරැල්ල සදහම් සෙවණේ සිදුවුණා. ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් ඇමති උදය ගම්මන්පිල, නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ ඇතුළු තවත් 25 දෙනෙකු මෙසේ කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී ආරණ්‍යගත වුණා.ඉදිරි දින 10ක කාලය තුළ දෛනික ජීවිතයේ සියලූ වැඩ කටයුතු වලින් මිදී තුන් දොර සංවර කරගෙන මෙම පුණ්‍යකර්මයේ යෙදෙන්නට ඇමතිවරයා ඇතුළු පිරිස තීරණය කර තිබෙනවා.

මෙය මහා ලොකු වැඩක් විය හැක. නමුත් මේක ඉතාම පහසු වැඩකි. මෙය ලොකු වැඩක් ලෙස දකින්නේ පුටුවල ඉදගෙන පිරිත් අහන්නට ලහි ලහියේ සුදානම් වන ඒ අපුරු රටේ අවස්ථාවාදී සුළුතරය මිස අන්කවරෙක්ද?


 


Tell a Friend