කතුවැකිය: නායකත්ව පුහුණුවක් අවශ්‍ය කාටද?


නීති විද්‍යාලයේදී වංචා කළ විභාගයෙන් පසු නාමල් රාජපක්ෂ නීතිඥයෙකි, තවත් කාලෙකින් තමන්ගේ මැතිවරණ පෝස්ටරයේ නීතිඥ නාමල් රාජපක්ෂ යැයි ලියවෙනු ඇත. තවත් වසර කිහිපයකින් එය ආචාර්ය හෝ මහාචාර්යද විය හැකිය. ලංකාවේ අධ්‍යාපනයේ වටිනාකම හෑල්ලු කොට ඇත්තේ එලෙසය. මෙවැනි කිසිවෙකුගෙන් කල දුටු කල වල ඉහ ගැනීම මිස වෙනත් කිසිඳු සුජාත දේශපාලනයක් හෝ වෙන කිසිවක් බලාපොරොත්තු විය නොහැකිය. 



තවත් නාඩකමක් ආරම්භ විය . ඒ නායකත්ව පුහුණුව යයි කියමින් විශ්ව විද්‍යාල සිසුන් මිලිටරි කඳවුරු වලට දක්කා ගෙන ගොස් පුහුණුවක් ලබා දීමයි. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපති වරයාට ලබා දුන් යෝජනාවද එක පයිසයකටවත් ගණන් නොගෙනය. ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන්නේ එලෙසය. රාජපක්ෂ විසින් තමන්ගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂව අනෙක් සිසුන්ගෙන් වෙන් කොට වෙනම කාමරයකට දමා හිතු සේ හොර කරමින් විභාගය සමත් වීම සඳහා වටපිටාව සකස් කරමින් නීති විද්‍යාලයේ අනෙක් සිසුන්ට නීතියට අනුව විභාගය කිරීමට අණ දෙන්නෙත් මෙකි ගොඩ නැගී ඇති සමාජීය වටපිටාව තුළය. තමාගේ සීයලාගේ සිට තාත්තට තබා තමාටවත් තමන් ජාතක කළ දරුවන්ටවත් හොඳ හැටි උගන්වා ඇත්තේ වංචා කරමින් රට වටේ පට්ට පල් බොරු ගොතමින් ආචාර්ය උපාධි ගෙන ලංකාවේ අධ්‍යාපනයට තිබු වටිනාකම කෙලසමින් සියල්ලම තමන්ගේ බුදලය බවට පත් කර ගැනීම මිස වෙන කිසිවක් නොවේ.

නීති විද්‍යාලයේදී වංචා කළ විභාගයෙන් පසු නාමල් රාජපක්ෂ නීතිඥයෙකි, තවත් කාලෙකින් තමන්ගේ මැතිවරණ පෝස්ටරයේ නීතිඥ නාමල් රාජපක්ෂ යැයි ලියවෙනු ඇත. තවත් වසර කිහිපයකින් එය ආචාර්ය හෝ මහාචාර්යද විය හැකිය. ලංකාවේ අධ්‍යාපනයේ වටිනාකම හෑල්ලු කොට ඇත්තේ එලෙසය. මෙවැනි කිසිවෙකුගෙන් කල දුටු කල වල ඉහ ගැනීම මිස වෙනත් කිසිඳු සුජාත දේශපාලනයක් හෝ වෙන කිසිවක් බලාපොරොත්තු විය නොහැකිය. කාරණය ඇත්තේ විභාග සමත් වී හෝ තමන්ගේ දේශාපලන බල පුළුවන්කාරකම පෙන්වා සහතික ලබා ගැනීම තුළ නොවේ. එනම් තමන් කෙතරම් දුරට රටේ පොදු නීතිය පිළිගනිමින් තමන්ගේ හැකියාව කෙතරම් දුරට අවංක ලෙස පෙන්නුවේද යන්න මතය. නමුත් රාජපක්ෂ ගොඩ නගමින් තිබෙන ලංකාව තුළ වැදගත් වන්නේ කෙතරම් දුරට අනෙකාට වංචා කරමින් තමන්ගේ කටයුත්ත කර ගත්තේද යන්න මත පමණි. නාමල් රාජපක්ෂ විභාග කළ ආකාරයෙන් වෙනත් අයෙකු කළේනම් ඔහුට හෝ ඇයට වසර 5ක් යන තුරු වෙනත් විභාග වලට පෙනී සිටීම තහනම් වනු ඇත. රාජපක්ෂ රටේ අනාගතයේ නායකයා ලෙස බමුණු සිහින දකින්නේ මෙවැනි වංචා කරුවන් තුලිනි. එවැනි මට්ටමකට අනාගතයේදී තල්ලු වීමට තරම් මෙරට ජනතාව මී හරකුන් නොවේවායි යන්න පමණක් ප්‍රාර්ථනය කළ හැකිය.

විශ්ව විද්‍යාල සිසුනට නායකත්ව පුහුණුව ලබා දීමට සැලසුම් කොට ඇත්තේ මෙවැනි මානසිකත්වයක් හෙබි වංචාකරුවන්ය. නායකත්ව පුහුණුවක් සැබවින්ම අවශ්‍ය වන්නේ කාටද යන්න තේරුම් ගැනීම අපහසු නැත. එනම් නායකත්ව පුහුණුවක් අවශ්‍ය වී ඇත්තේ ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා දක්වා පාලනය කරන අය වලුන්ටය. සෑම දෙනාටම පොදුවේ වලංගු වන මුලික නීතියක් මත සමාජ ව්‍යුහය නාභිගත කරමින් අනෙකුත් සමාජීය සහ දේශපාලන මෙන්ම ආර්ථික ස්ථරයන් සංවර්ධනය කල හැක්කේ නිවැරදි මොළ ශෝධනයක් වත්මන් පාලකයින්ට මෙන්ම දේශපාලනයේ නියලී සිටින අය වලුන්ට ලබා දීමෙන් මිස විශ්ව විද්‍යාල වලට තේරී පත්වන අතලොස්ස කුදලාගෙන ගොස් හමුදා කඳවුරු වලට ගාල් කිරීමෙන් නොවේ. නමුත් රාජපක්ෂ එවැනි මට්ටමකට තල්ලු නොවන්නේ ඔහු නායකයෙකුගේ භූමිකාවෙන් ඔබ්බට ගිය කපටි කෛරාටික මර්දකයෙකු නිසාය.

රටේ නීතිය විසින්ම ඊට ඉහලින් අයෙකු තබා එකී ඉහල සිටින්නා කෙල හලමින් තමන්ගේ බලය තව තවත් වැඩි කර ගන්නේ කෙසේද යන්න හැරෙන්නට වෙනත් කිසිඳු සමාජ ප්‍රතිසංස්කරණයක් කෙරෙහි යොමු නොවන වට පිටාවක් තුළ සිදු විය හැක්කේ නිදහස් අධ්‍යාපනය යැයි තිබු අඟලත් ඝාතනය වීම පමණය. නීති විද්‍යාලයේ වායු සමනය කළ කාමරයක් නාමල් රාජපක්ෂට වඩාත් තේරෙන බාෂාවෙන් කිවහොත් " නාමල් බේබිට" වෙන් වූයේ එහි ප්‍රතිඵලය නිසාය.

මේ වන විටත් ලංකාවේ ප්‍රාථමික සහ ද්විතීයියක අධ්‍යාපනය විනාශ කොට ඒවා කලු කඩ බවට පත් කොට අවසානය. මේ දක්වා රටේ සමස්තයක් ලෙස ඉතුරු වී තිබුණේ විශ්ව විද්‍යාලයකට තේරී පත් වන දරුවන් සඳහා නොමිලේ ලබා ගැනීමට අවකාශය තිබු මුලික උපාධියත්, විශ්ව විද්‍යාල ප්‍රවේශයට අදාළ ලකුණු සීමාව ලබා නොගත් සිසුන්ට සහනදායි මුදලක් ගෙවා ලබා ගත හැකිව තිබු මුලික උපාධියත් පමණි. දැන් එයත් අවසන් කොට ඇත. නායකත්ව පුහුණු දීමට පෙර සිදු කළ යුත්තේ විශ්ව විද්‍යාල වලින් බිහි වන්නන් මානසික රෝගීන් බවට පත් නොකිරීමේ බුද්ධිමත් වැඩපිළිවෙලකි. එහි ඉලක්ක සපුරා ගැනීමට නම් සිදු විය යුත්තේ පාසල් අධ්‍යාපනයද උපකාරක පන්ති පවත්වන කලු කඩ කාරයින්ගෙන් ගලවා ගෙන ක්‍රමවත් තත්වයකට පත් කිරීමය. ලංකාවේ ඇති ප්‍රධාන අධ්‍යාපනික ප්‍රශ්නය ඇති කරනු ලැබුවේ 1956 දී තමන්ගේ පුද්ගලික වාසිය සඳහා සිංහල බාෂාව ජාතික බාසාව කරමින් විශ්වීය දැනුම මෙරටට ගලා ඒමට තිබු නාලය කපා දැමීමත් සමඟිනි. නලින්ද සිල්වා හෝ වෙනත් ජාතියේ ඉතිහාසය විකුණාගෙන කන කිසිවෙකු කිසිවක් කීවද එය බැහැර කළ නොහැකි මුලික කාරණයකි. එය නලින්ද සිල්වාගේම පුත්‍රයාට විදේශ දහය්පනය දීමට හෙතම කටයුතු කිරීමෙන් අවබෝධ කළ හැකිය. මෙකි මහාචාර්ය වරුන්ගේ සිට කොන්ඩය භූ ගා බෞද්ධ වෙස් ගන්නා හොර සිංහල බමුණන් බොහෝ දෙනෙකුගේ පුද්ගලික ප්‍රතිපාදව තුළ ඇත්තේ එයයි.

මේ වනවිට අපේ රටේ විශ්ව විද්‍යාල වලින් බිහිවන සිසුන් ක්‍රීම් ඔෆ් ද ක්‍රීම් නොවන්නේ මෙකි බාසා ප්‍රශ්නය නිසා මිස ඔහුන්ගේ දැනුම පිළිබඳ ප්‍රශනයක් නොවේ. තමන්ගේ කුහක වාචාල කමට තක්කඩි කතා කියවන උසස් අධ්‍යාපන ඇමති එස්. බි. දිසානායක කාලකන්ණින් ලෙස වරගීකරණය කරන්නේ එකී බාසා ප්‍රශ්නය හේතුවෙන් සිර වී සිටින අසරණයින්ය. මෙය තේරුම් ගැනීමට නොහැකි අධ්‍යාපන ඇමති වරයෙකුගෙන් ඇති ප්‍රයෝජනය දන්නේ තමන්ගේ සහ තම පරමපරාවේ බලය ගැන පමණක් සිතන රාජපක්ෂ ජනාධිපති වරයා මිස වෙන කිසිවෙකු නොවේ.

Tell a Friend