ප්‍රසංග ප්‍රනාන්දු
මහින්ද රාජපක්ෂගේ සාටකේ ආණ්ඩුව හෙල්පින් හම්බන්තොට සිටම පුංචි පුංචියටම දුෂණයන්ට බදුන් වූ ආණ්ඩුවකි. එහිදී මහජනතාවද වගේ වගක් නැතිව සිටි අතර පසුව සාටකේ ආණ්ඩුව ශ්‍රි ලාංකිය දෙමල ජනයාගේ අයිතීන් ඉතා මිලෙච්ච ලෙස උල්ලංඝනය කිරිමෙන් පසුව සාටකේ කපුටො රැල එක් එක් සංවර්ධන ව්‍යාපෘති වලින් මහජනතාවගේ මුදල් සුරා කෑවේය. මෙම මහජන මුදල් හිතුමතේ කාබාසිනියා කලේ බෙලිඅත්තේ කුරහං වවලා හමිබකල මුදල් සිතාය. මේ සම්බන්ධව රටේ සමහර ජනතාවත් විපක්ෂයේ දේශපාලන පක්ෂත් හඩක් නැගුවද ඒ සෑම වෙලාවකම ඔවුන්ගේ දේශපාලන වාසිය මුදුන්පත් කරගන්නේ කෙසේදැයි ඔවුන් කල්පනා කළ නිසාය. හැමවිටම සාටකේ විසින් කල්පනා කාරිව මෙහෙයවන කකුල් මාටිටුවලට හසුවී ඉතා අසරණව නීච ලෙස එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ ඇදවැටුනේ රටේම සිවිල් ජනයාගේ විශ්වාසයද කාබාසිනියා කරමින්ය. මහින්දගේ ආණ්ඩුව සමග හැප්පෙන්නනමි අද සිට සජිත් ප්‍රේමදාස ඇතුළු එක් එක් කාලයන් තුළ එක්එක් දේශපාලන පක්ෂ වලින් එන මාධ්‍ය සඟයින් ටික දේශපාලනය කරන හැටි ඉගෙනගෙනගත යුතුය. මේ වනවිට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඔවුන් දැන හෝ නොදැන දේශපාලනයැයි සිතා කරන තක්කඩි ක්‍රියාවන් අත්නොහැරියොත් ඊළඟට එන පරමිපාරාවට ඉතිරිවන්නේ දරුවන් නොලැබීමට අපොහොසත්වූ ස්ත්‍රින් හා පුරුෂයන්ය.
මෙම තත්වය තුල විරුද්ධ පක්ෂ සහ එන් ජී ඔ ක්‍රියාකරුවන් නිතරම බෝලය පාස්කරන්නේ රටේ සිවිල් ජනතාවටය. ඔවුන් සිතන්නේ ලංකාවේ සිවිල් සමාජය දරුවන් නැති මවුවරු ලෙසය. එය සමීපූරුණයෙන්ම වැරදි අර්ථකථනයකි. මොවුන් බබාලා නොවෙයි මොවුන්ව ඇන්දිය නොහැක. දේශපාලන පක්ෂවලටද සිවිල් ජනතාව මතක් වෙන්නේ ඡන්දක් ලං වූ විටය. එම කාලය තුල ජනතා නායකයින් මහජනතාව වෙත ඇවිත් පවසන්නේ රටේ බුද්ධිමත් ජනතාව ජනතා පරමාධිපත්‍ය තිබෙන්නේ ඔබගාවයි කියා ජනතාව ඇන්දවීමට උත්සහ කරයි. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලාංකීය ජනතාව බුද්ධිමත්ය. මොවුන් වර්තමානයේ පවතින වංචා දුෂණ, මානව හිමිකමි කඩකීරිමි සහ නීතියේ පිරිහිම සම්බන්ධයෙන් පවතින සිවිල් සමාජයේ වැඩිකොටසකට හොඳ අවබෝධයක් තිබේ. එම නිසා තමයි මහින්ද රාජපක්ෂ දිනන්නේ එසේ අවබෝධයක් නැති ජනතාවගේ කැමැත්ත මත දේශපාලනය සම්බන්ධව කිසිම අවබෝධයක් නැති පබා වගේ තරුණියන් වැඩිඡන්දයෙන් පත්වෙන්නේ ලංකාවේ සිවිල් ව්‍යාපාර වලට සහ ජනඅරගලවලට ඉතිහාසයක් ඇතත් බොහෝවිට එම ව්‍යාපාර වලට සහ අරගලවල නිමාව වූයේ ඒවායේ ඉදිරියට යන වැඩපිළිවෙලක් නැතිවීම සහ පාවාදීමී සහ විශ්වාසයක් නැතිවීම නිසාය. මේවා සම්බන්ධව පවතින සිවිල් සමාජය පැහැදිලි අවබොධයක සිටි ඉතිහාසයේ සිට පැවති රජයන්ගේ නොයෙකුත් අක්‍රමිකතා හේතුවෙන් මහජනතාවට සේවය සපයන සියලුම රාජ්‍ය ආයතන දේශපාලනීකරනය විය. වර්තමානයේ රාජ්‍ය ආයතනයකින් පහසුවෙන් සේවාවක් ලබාගැනීමට නමි මුදල් බලය හෝ දේශපාලන බලය තිබිය යුතුය. එම තත්වය උඩ තමයි ඕනෑම පවුලක පවතින දේශපාලනයට උදවුකරන එක් පුද්ගලයෙක් හෝ සිටි මේ අය කරන්නේ පන්දුව තේරුමිගෙන බැට් කිරීමය. පවතින සිවිල් සමාජයට සාපේක්ෂව මහින්දට අභියෝග කිරිමට කිසිවෙකු තවමත් පහල වී නැත. පවතින ආන්ඩුවේ යතාර්ථය එලියට ඇද දැමීමට සිටි කන්ඩායමි වන විපක්ෂය සහ ජනමාද්‍ය හා සිවිල් සංවිධාන මෙම තුන් පාර්ශවයම සමහරුන්ව ඝාතනය කලා. සමහරුන්ව මිලදීගත්තා. සමහරුන් ඉබේටම ආණ්ඩුවට ප්ලග් විය. තවත් සමහරුන්ගේ ඇත්ත සතා එලියට පැන බොරදියේ මාළු බාමින් පරන ඇරියස් ටික කවර් කර ගත්තේය.
මේ අයුරින් එළියේ ස්වාධීනව මහජනතාව වෙනුවෙන් හඬක් නැගීමට සිටියේය. ඵම පාර්ශවයන් හට සාටකේ ආණ්ඩුව විසින් පාංශ කුලය දානය කරන ලදි.
මෙම සිදුවන සිදුවීමිවල දිග පළල හොඳ හැටි රටේ සිවිල් ජනතාව විසින් අවබෝධ කරගෙන සිටි. නමුත් මෙම තත්වය තුල නීතියේ ආධිපත්‍ය හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ සෙවනැලිවත් පේනතෙක් මානයක නොමැත. ඉතිහාසයේ පාඩමිවල අත්දැකීමිද සහිතව දෙනදේ කාලා වෙනදේ බලන් සිටින මෙය ඉතා භයානක තත්වයකි. මොවුන් මෙලෙස සිටින්නේ පේනතෙක් මානයක විකල්පයක් නැතිහෙයිනි.

Post a Comment