SPECIAL: ඔසාමා බින් ලාඩන්ගේ මළ සිරුර බොරුවක්


කිෂානි වැලිවිටිගොඩ

ඊයේ මාධ්‍ය විසින් පෙන්වනු ලැබූ ඔසාමා බින් ලාඩන් මහතාගේ මළ සිරුර බොරුවක් බව දැන් අනාවරණය වෙමින් තොබේ. අදාළ මළ සිරුර තබා ප්‍රහාරය සිදු වූ ස්ථානය පැය  ගණනක් යන තුරු කිසිඳු මාධ්‍යකට ආවරණය කිරීම සඳහා ඉඩ නොලැබුණු නමුත් පකිස්ථානයේ ජිඕ රුපවාහිනී චැනලය අදාළ ප්‍රදේශය වාර්තා කර කළ ප්‍රථම නාලිකාව වේ. එවිට අදාළ ප්‍රදේශය සම්පුර්ණයෙන්ම පාහේ පිරිසිදු කළ ප්‍රදේශයක් වූ අත‍ර තැනින් තැන දැවෙන ගිනිදැල් පමණක් දක්නට ලැබුණි.

කෙසේ වෙතත් ඒ අතර ඇතැම්  මාධ්‍යන් බින් ලාඩන්ගේ මළ සිරුර බවට සැක කෙරෙන සේයාරු ප්‍රසිද්ද කළ නමුත් ඒවා 2009 අප්‍රේල් මාසයේ 29 වැනිදින ප්‍රසිද්ධ කළ ඒවා බව ලන්ඩනයේ පලවන ගාර්ඩියන් පුවත් පත ඊයේ වාර්තා කළේය. එසේම අදාල සේයාරුව නිර්මාණය කිරීම සඳහා පාදක කරගත් සේයාරුව 1998 රොයිටර් පුවත් සේවය විසින් ලබා ගත් බින් ලාඩන්ගේ සජීවී සේයාරුවකි. එය ඊයේ  යලිත් ප්‍රථමවරට ප්‍රසිද්ධ කරනු ලැබුවේ themedialine.org නමැති වෙබ් අඩවියයි.

කෙසේ වෙතත් බින් ලාඩන්ගේ මළ සිරුර ඉස්ලාම් ධර්මයට ගරු කරමින්  පැය 24 ක් ඇතුලත මුහුදේ වැළලු බව ඇමෙරිකානු බලධාරීන් සඳහන් කළද මැදපෙරදිග පුවත් වාර්තා සඳහන් කරනු ලැබුවේ ඉස්ලාම්  දහමට අනුව භූමදානය සඳහා එලෙස නිශ්චිත කාලයක් නොමැති බවයි.

එසේම නිශ්චිත DNA පර්යේෂණයක් නොකර අදාළ පර්යේෂණයේ සියලුම තොරතුරු ඇමෙරිකානු බලධාරීන් මත පමණක් රඳවා ගැනීම මෙහොදේ බොහෝ විශ්ලේෂකයින්ගේ විමතියට හේතු වී තිබේ.


Tell a Friend