පකිස්ථානයේ තහනම් කරනු ලැබී ඇති තරස්තවාදී සංවිධානයක් වන තාරික් ඊ තලිබාන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කොට ඇත්තේ අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝනය කිරීමේ පලිය ගන්නා බවයි. අදාළ සංවිධානය නිකුත් කොට ඇති හඬ පටයේ සඳහන් ආකාරයට, අදාළ ඝාතනයට පකිස්තානය වග කිව යුතු හෙයින් පකිස්තාන බලධාරීන්ට නුදුරේම වන්දි ගෙවීමට සිදුවන බවයි. අමෙරිකානුවනට ඔසාමා පළමු ඉලක්කය වූ ආකාරයෙන් දැන් අපේ මුලික ඉලක්කය වී ඇත්තේ පකිස්තාන බලධාරීන් බව අදාළ පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ. " අපි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් බෙනාසීර් භූතෝ මරා දැමුවෙමු, " යැයි අදාළ සංවිධානයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ තමන්ගේ දෙවැනි ඉලක්කය ඇමෙරිකානුවන් බව සඳහන් කරමිනි.
- කිෂානි
Post a Comment