අමිල ගුණරත්න
හර්ෂි සි. පෙරේරා ලියු රක්තහීනතාවය සහ ප්‍රනාන්දුපුල්ලේ වගවීම ලිපිය දැක එයට තව යමක් එකතු කරන්නට මට සිතුනි. පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය
කියන පරිදි වයස අවුරුදු පහ සම්පූර්ණ වූ මෙරට ළමයින්ගෙන් 25.2% ක් රක්ත හීනතාවය හෙවත් නිරක්තිය නමැති රෝග තත්ත්වයෙන් පෙළෙයි. එසේම පාසල් ළමුන්ගෙන් 40% ක් නියමිත බරට වඩා අඩු බරකින් යුක්ත බව ද කියයි. මිට වගකිවයුත්තන් කවරහුද ? ශ්‍රී ලංකික දේශපාලකයන් නමැති පරපුටුවන් ඇර වෙන කවරෙක්ද ? මෙගා කාර්යමණ්ඩල නඩත්තු කරමින් , සුපිරි වාහන තොග ගනනේ පවිච්චි කරමින් දිනකට රුපියල් මිලියන ගණනක ඉන්ධන පුලුස්සමින් ඔවුන් කාබාසිනියා කරන්නේ මෙරට ළමුන්ගේ අනාගතය වේ. වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මියනි ඔබගේ ආදරණීය සැමියා ජීවත්ව සිටි කාලයේ ඔහු මසකට රුපියල් ලක්ෂ දෙක හමාරක් කුලිය වශයෙන් ගෙවමින් (එය ඔබගේ දෙමාපියන් ඔහුට දැවැද්දට දුන් මුදල් වලින් ගෙව්වේ නම් අපට කමක් නැත ) අධි සුපිරි රියක් භාවිතා කල බව ඔබ හොදින්ම දන්නේය. එම සුපිරි රථයෙන් ඔබද සවාරි ගියා නේද ? එයට ගෙව්වේ මෙරට දුප්පත් මිනිසුන්ගේ මුදල්ය. අධි සුපිරි වාහනයට ගෙවූ කුලියෙන් ඔබ ජිවත්වන මීගමු ප්‍රදේශයේ දුගී ධීවරයන් වෙසෙන පිටිපන නමැති ප්‍රදේශයේ මන්දපෝෂණයෙන් පෙලෙන ළමයින්ට දිනකට පෝෂණ මල්ලක් දෙන්නට තිබුණි. ඔය ප්‍රදේශ වල නැවත චන්ද වැඩ වලට ගිය විට මන්දපෝෂණයෙන් පෙලෙන ළමයින්ගේ නෙරා ගිය බඩවල් දිහා බල්ලන්න. ඔබද මවක් නිසා එම ළමුන්ගේ තත්වය ඔබට තේරෙනු ඇත . ඔබලා ඇතුලු ශ්‍රී ලංකික දේශපාලකයන් නමැති පරපුටුවන් කන්නේ ගින්දරය. දැන්වත් ඔය දත්ත , සන්ක්‍යා ලේඛන පෙන්වමින් (බොරුවට) හූල්ලනවාට වඩා පලදායි වැඩක් කරන්න, විශාල බොරු වියදම් කපා හැර ඒ මුදල් ළමුන්ගේ පෝෂණයට යොදවන්න. පාර්ලිමේන්තුවේ සිටින අනෙක් පරපුටුවන්ටද ආදර්ශයක් දෙන්න. එවිට ඔබට ස්වර්ගයට යාමට දොර ඉබේම විවුර්ත වනු ඇත.

Post a Comment