මාලදිවයින් ජනාදිපතිට එරෙහිව විරෝදතා හට ගනී.

අගනුවර වූ මාලෙහි ආණ්ඩුවට එරෙහි විරෝදතා ඇතිවිණි. මාලදිවයින් පොලිසිය ජනතාව විසුරුවා හැරීමට කදුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාර යොදා ගන්නා ලදී.
රටේ අයහපත් ආර්ථික තත්වය හේතුවෙන් ජනාදිපති මෝහමෙඩ් නෂීඩ් බලයෙන් ඉවත්වියයුතු බව ජනතාවගේ ඉල්ලීම විය.

අද පාන්දර සාමාන්යෙන් සාමකාමී සංචාරක පරාදීසයේ පුද්ගලයින් 30 කට වැඩි ගණනක් තුවාල ලැබුබව එරට විරුද්ද පක්ෂයේ ප්‍රකාශකයෙක් කිවේය.

වසර 30 ක එකාදිපති පාලනය නිමාකරමින් 2008 දී ප්‍රථම බහු පක්ෂ මැතිවරණයෙන් නෂීඩ් බලයට පත් විය.

සෙනසුරාදා රත්ත්රියේ විරෝදතා ඔස්සේ ප්රෝකොපවූ පුද්ගලයින් 10 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම විරෝදතා වලට හේතු වුයේ අහස උසට ඉහල යන බඩු මිල සහ වැඩිවන විරැකියාවයි.

පොලිස් ප්‍රකාශකයෙක් කිවේ පොදු දේපළට හානිකල පුද්ගලයින් රදවා ගත් බවත් දැන් තත්වය පාලනය කර ඇති බවත්ය.

ආණ්ඩුව කියන්නේ බාන්ඩ වල මිල ගණන් ඉහල යාමට හේතුව ලෝක ආහාර සහ තෙල් මිල ඉහල යාම බවයි.

බි බි සි ඇසුරෙන්
- හර්ෂි- Tell a Friend