තමන් විසින් සිදු කළ වැරැද්ද තේරුම් නොගෙන එය සාධාරණීයකරණය කිරීම සඳහා වැල් වටාරම් ගොතමින් පල කොට තිබු ප්‍රතිචාරය සම්බන්ධයෙන් සහ මාගේ ප්‍රතිචාරය කිසිඳු සංශෝධනයකින් තොරව පල නොකිරීම ගැන පළමුව කණගාටුව ප්‍රකාශ කරන්නෙමි. අදාළ සංශෝධනය කරමින් පල කර තිබු ලිපිය සහ එයට ඔබ විසින් ලිපිය අවසානයේදී එකතු කොට තිබු සටහන පිළිබඳව මාගේ ප්‍රතිචාරය දැක්වීම මෙහිදී අතිශය වැදගත් වේ. තමන් විසින් සිදු කළ බරපතල අසත්‍ය ප්‍රබන්ධ ගෙතීම තව දුරටත් සාධාරණීයකරණය කරමින් සිදු කොට ඇති අර්ථ දැක්වීම තුළින්ද ඔබ මා වෙත යළිත් අපහාස සිදු කොට ඇත.
පළමුව මා කිව යුත්තේ ඔබගෙන් හෝ ඔබ ආයතනයේ ඉහල බලධාරීන්ගෙන් මාගේ ප්‍රතිචාරය පල කරන ලෙස කිසිඳු මට්ටමේ බැගෑපත් වීමක් නොකළ බවයි. මා විසින් ඔබට අවස්ථා දෙකකදී ලබා ගත් දුරකථන ඇමතුම් වලදී කතා කළේ මොනවාද , මොන ආකාරයෙන්ද යන්න ඔබත් මාත් ඉතා හොඳින් දන්නා අතර එය මා විසින් ඔබට සිදු කළ බැගෑපත්වීමක් ලෙස ඔබ හඳුන්වන්නේ නම් ඔබ පළමුව ඉගෙන ගත යුත්තේ සිංහල මිස ජනමාධ්‍යවේදය හෝ නිතිය නොවේ. මන්ද ඔබ විසින්ම හඳුන්වනු ලබූ ආකාරයට එය ඔබේ "ෆුට් නෝට්" එක නම් එය ඔබගේ අවබෝධය පිළිබඳව බරපතල ගැටලුවකි. ෆුට් නෝට් ( පාද සටහන්) යනු මොනවාද ඒවා භාවිත කරන්නේ කුමන අවස්ථාවේදීද යන්න ගැන සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නා සිසුවෙකුට ඇති දැනුමවත් ඔබට ඇති බව අපේක්ෂා කරමි. ඉන් පසු ඔබ සොරෙකු සේ ඔබේ දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම තුළින් පේනවා ඇත්තේද ඔබේ හොර හිත මිස වෙන කිසිවක් නොවේ. මෙය ඔබේ මාධ්‍ය සදාචාරයද?
නේෂන් පුවත් පත විසින් මා සම්බන්ධයෙන් ලිපියක් කළ බව ඔබ සඳහන් කොට ඇත. නමුත් ඔබ අමතක කොට ඇත්තේ අදාළ නේෂන් පුවත්පතට මා විසින් ඉදිරිපත් කළ සටහන කිසිඳු සංශෝධනයකින් තොරව පල වූ බවයි. සැබවින්ම නේෂන් පුවත් පත ජනමාධ්‍යවේදයේ මුලික සදාචාර වලට ගරු කරමින් මාගේ ප්‍රතිචාරය කිසිඳු සංශෝධනයකින් තොර ඊට පසු කාලපයේම පල කළ අතර ඔවුහු මා සම්බන්ධයෙන් පල කළ ලිපියට සමාන වන අකාරයේ ඉඩක්ද ඊට වෙන් කොට තිබුණි. නමුත් ඔබගේ හැසිරීම ඊට හාත්පසින්ම වෙනස් වේ. ඔබ වහාම සිදු කළ යුත්තේ තමන් පට්ටපල් බොරු පල කිරීම සම්බන්ධයෙන් මාගෙන් සහ ඔබේ පුවත්පත මිලදී ගන්නා පාඨකයින්ගෙන් සමාව අයැදීමයි. ගොතන ලද බොරු සාධාරණිකරණය කිරීම සඳහා තවත් බොරු දාහක් කීමට පසුබට නොවන්නෙකු මිස සත්‍ය මත පදනම වෙමින් තමන්ගේ මාධ්‍ය කලාව හසුරුවන්නෙක් නොවන බව ඔබ ඔබේ හැසිරීම තුළින් පේනවා ඇත. එසේම ඔබ විසින් යළිත් මාහට අශිෂ්ට සහ අසත්‍ය චෝදනා එල්ල කරමින් අපහාස සිදු කොට ඇත. එබැවින් මෙම සටහන කිසිඳු සංශෝධනයකින් තොරව පල කරන ලෙස මින් ඉල්ලා සිටින්නෙමි.
නිලන්ත ඉලංගමුව
ප්‍රධාන කතෘ
ශ්‍රී ලංකා ගාර්ඩියන්
Post a Comment