ඊජිප්තුවේ ජාතික ආරක්ෂාවට "අයෝමය හස්තය".

කයිරෝහි මුස්ලිම් සහ ක්‍රිස්තියානි ජාතිකයින් අතර ඇතිවූ ගැටුම් වලට සම්බන්ද 190 ක් පමණ ඊජිප්තු හමුදා පාලකයින් විසින් රදවා ගනු ලැබ සිටිති. මොවුන් අතර ඇතිවූ ගැටුම්වල ප්‍රතිපලය වුයේ පුද්ගලයින් 12 ක් මරණයට පත්වී 230 දෙනෙකු තුවාල ලැබීමය.
ඊජිප්තු අමාත්‍ය මණ්ඩලය ඉරිදා හදිසි රැස්වීමකදී තමන් ජාතික ආරක්ෂාව සදහා අයෝමය ශක්තිය බාවිතයට ගන්නා බව පැවසිය.

මුස්ලිම් ජාතික කණ්ඩායමක් කොප්ටික් පල්ලිය අසල පෙළපාලියක් පවත්වන ලදී. පෙනෙන්නට තිබු ආකාරයට ඒ කොප්ටික් ක්‍රිස්තියානි කාන්තාවක් සහ මුස්ලිම් පුරුෂයකු අතර වූ සබදතාවක් නිසාය.වාර්තාවලට අනුව කාන්තාව අගේ කැමැත්තට විරුද්දව රදවා ගෙන සිටින අතර ඇය ඉස්ලාම් ආගම වැළද ගැනීම වලක්වා ඇත.

සෙනසුරාදා මුලින් වාචිකව ඇති වූ බහින්බස්වීම පසුව දෙපාර්ශවය අතර වෙඩි හුවමාරු, බෝම්බ ප්‍රහාර, ගල්මුල් වලින් ගසා ගැනීම දක්වා දුර දිග ගිය අතර පසුව අසල පල්ලියකට ගිනි තැබිය.

පෙබරවාරි 11 දින හොස්නි මුබාරක් බලයෙන් පහ කර දැනට මාස ගණනාවක් ගතවී ඇති අතර නිකායවාදී ආතති තත්වයක් රට තුල වර්දනය වෙමින් තිබේ. මේ සදහා උසිගැන්වීම් කරන්නේ සලෆිස් නමැති මුස්ලිම් වියාපාරයක් මගිනි.

අල් ජසිරා ඇසුරෙන්,
-හර්ෂි -
Tell a Friend