"ප්‍රගතිය" ජනගහනයෙන් "5%" යි.

හර්ෂි සි. පෙරේරා

2010 ලෝකයේ සුබසිද්දිය පිලිබදව සමීක්ෂණයක් සිදු කර ඇත. මෙය සිදුකර ඇත්තේ ප්‍රකට ආයතනයක් වන ගලුප් විසිනි. එයට අනුව ශ්‍රී ලාංකිකයින්ගෙන් ප්‍රගතියක් පෙන්නුම් කරන්නේ ජනගහනයෙන් 05 % ක පමණ ප්‍රතිශතයකි. මෙම චන්දය අප්‍රියල් 19 වැනිදා ප්‍රසිද්දියට පත් කෙරිණි. (Sunday Leader)

අපේ ආර්ථිකය ගැන අමුතුවෙන් කිවයුතු නැත. පාන් රාත්තල රුපියල් 50 කි. දින දෙක තුනකට පෙර ඩේලි මිර පුවත්පත වාර්තා කලේ වසරකට පාසල් හැර යන සන්කයව දෙලක්ෂයක් බවයි. අම්මල තාත්තල ළමුන් පාසල් යවන්නේ පහේ පන්තියට යනකම් ඉගෙන ගත්තම ඇති කියන මානසිකත්වය නිසා නෙමෙයි. පාසල් වල වියදම දරා ගත නොහැකි නිසයි.

සෙරෙප්පු දාගෙන පසල්ගියොත් ගුරාල සෙරෙප්පු පිච්චු අවස්ථා බත් එක ලන්ච් ෂිට් එකක ගේනවා කියා හරකුන්ට මෙන් ළමුන්ට ලන්ච් ෂිට් බලෙන් ගිල්ලවපු ප්රින්ස්සිපල්ලා සිටින මරු රටක් මේක. ළමයින්ට රජයෙන් හම්බ වෙන්නේ පොත් ටිකයි රෙද්දයි විතරයි. නිල ඇදුම මහන්න කොච්චර සල්ලි යනවද? පොත් දාගෙන යන බැග් එකක් කියක් වෙනවද? ලග එන පෝයට සමහර ඉස්කෝල වල ළමයින්ට වොට් පහේ බල්බ් එකකුයි හොල්ඩරයකුයි ගෙන්න කියල.

රටේ යුක්තිය ගැන අපරාද පිළිබද පරීක්ෂණ පැවැත්වීම ගැන මොනවාද කියන්න තියෙන්නේ. අපරාදවලට වරදකරුවන් වන ප්‍රතිශතය 05% ක් පමණයි. පොලිසියට ගිහින් පැමිණිල්ලක් දන්නා පොලිසියේ මහත්තුරුන්ට එක්කෝ බෝල්පොයින්ට් පැනක් නැතිනම් රේලෝඩ් එකක් දාලා දෙන්න ඕන. සෑම පොලිසියකම අහිංසකයින්ට වදහිංසා පමුණුවනු ලබනවා.

අගවිනිසුරු අශෝකද සිල්වා බි බි සි පුවත් සේවයට ප්‍රකාශ කළා නීතිපතිවරයා විසින් සිදු කළා වූ ප්‍රකට දේශපාලනඥයින්ගේ චෝදනා ඉවත් කර ගැනීම ගැන වැරදි බව. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්රිඅරච්චිගේ මිනුමරුම් නඩුවකට අදාල චෝදනා සහ බාලවයස්කාර දැරියක්ව දුෂණය කිරීම පිළිබද මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහි ස්ත්‍රී දුෂණ චෝදනා.

රටේ සියලුම සුවාදින කොමිසම් සබා වල බලය 18 වැනි ආණ්ඩු ක්‍රම විවස්ස්තා සංශෝදනය මගින් ජනාදිපතිවරයා තමන් නතු කරගත්තා. එයට අල්ලස් සහ දුෂණ පිළිබද සොයා බැලීමේ කොමිසන් සබාවත් අයත් වනවා. සෑම රාජ්ජය ආයතනයක්ම දේශපාලනීකරණය වෙලා.

රටේ වැඩිම ප්‍රගතිය ලබා තියන අංශ දෙක දුෂණය සහ අවනිතියයි. එහි ප්‍රතිපලය මෙම සමීක්ෂණය හෙලිකල ආකාරයටම ජනගහනයෙන් 05% ක් පමණක් යම් ප්‍රගතියක් පෙන්නුම් කිරීමයි.


Tell a Friend