ඉරාකයේ අල් කයිඩා නායකයා මරුට

ඉරාකයේ බැග්ඩෑඩ් හී සිරගත කොට සිටි අල් කයිඩා සංවිධානයේ ඉරාකයේ නායකයා සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර අද ඉරිදා ඇති වූ ගැටුමකදී ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ. අබු හුසාෆා අල් බටාවී නමැති ඔහු ඇතුළු තවත් 15 දෙනෙකුට වැඩි පිරිසක් ගැටුමේදී මියගිය අතර ගැටුමට හේතු වී ඇත්තේ සිරකරුවන් බන්ධනාගාරයෙන් පැන යාමට තැත්කිරීම බව වාර්තා වේ.

අල් බටාවී 2006 බැග්ඩෑඩ් පල්ලිය සිදු වූ ප්‍රහාරයකට ප්‍රධාන සැකකරු ලෙස සැලකේ. එම ප්‍රහාරයේදී 65 දෙනෙකු මිය ගියහ.

-කිෂානි

Tell a Friend