මෙසේ මිය ගොස් ඇත්තේ පුෂ්පලතා නමැති කාන්තාවකි.
තමා සේවය කරනු ලබන නිවසේ හාම්පුතුන්ගෙන් කරදර ඇතැයි ඇය අවස්ථා කිහිපයක දීම ප‍්‍රකාශ කළ බව ඇයගේ සැමියා සහ මව පැවසූහ.
පසුගිය මැයි 10 වැනිදා රාජගිරියේ ලෙච්චමී නැමැති කාන්තාවක්ට ඇඳුම් හා තමාගේ මාසික වැටුප ලබාදෙන බවට මියගිය කාන්තාව සිය මවට දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර, පසුව එදිනම ලෙච්චමී නැමැති කාන්තාව ඩුබායිහි ගුවන්තොටුපලේ සිට කතා කරන බව පවසමින් දුරකතන ඇමතුමකදී සිය දියණිය මිය ගිය බව මරණයට පත් කාන්තාවගේ මවට පවසා තිබේ.
මේ අතර, ඩුබායිහි සේවය කරන ති‍්‍රකුණාමලයේ කාන්තාවක් දුරකතන ඇමතුමක් ලබාදී මියගිය කතගේ සිරුර මෙරටට එවීමට රුපියල් ලක්ෂ 5ක පමණ මුදලක් ඉල්ලා අවශ්‍යබව පැවසූ බවද මියගිය කාන්තාවගේ මව ප‍්‍රකාශ කළාය.
මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී ඇතැයි එහි සභාපති නීතීඥ කීංස්ලි රණවක මහතා ප‍්‍රකාශ කළේය.

Post a Comment