රවින්ද්‍රනාත් තාගෝර් තුමාගේ 150 වැනි ජන්ම දිනය වෙනුවෙන් මෙම ලිපිය ලේඛිකාව විසින් ලියා ඇති අතර තාගෝර්යන් ගේ දේශපාලනික දර්ශනය පිළිබඳව විනිවිදීමට උත්සහ කරන්නීය.
කිෂානි වැලිවිටිගොඩ
රවින්ද්‍රනාත් ටකුර් හෙවත් රවින්ද්‍රනාත් තාගෝර් ඉන්දියානු ඉතිහාසයේ රන් අකුරින් ලියවුනු ප්‍රබල නාමයකි. එතුමා ක්‍රි.ව 1861 මැයි 7 වන දින ඉන්දියාවේ කල්කටාවේ ඉතා ධනවත් හා ප්‍රසිද්ධ බ්‍රාහ්මණ වංශික දිබෙන්ද්‍රනාත් සහ සාරධා දේවිට දාව උපත ලැබූ පවුලේ නව වැනි පුත්‍රයා විය. මෙතුමාගේ සීයා වන ද්වරකනාත් තාගෝර් රටෙහි පිළිගැනීමක් තිබුණු ප්‍රසිද්ධ ප්‍රභූවරයෙකු විය. රවින්ද්‍රනාත්ගේ සොහොයුරන් අතර ජෙයන්තීන්ද්‍රනත සහ සතෙයන්ද්‍රනාත් ද සොහොයුරියක වූ ස්වර්ණා කුමාරි දේවි ද එම පවුලෙන් වංග සාහිත්‍යට දායක වූ අය අතර වෙති.
ක්‍රි. ව. 1874 දී මෙතුමා විසින් රචිත "අභිලාෂ්" නමැති කාව්‍ය නිර්නාමිකව තත්තොබෝධිනි සඟරාවේ පල විය. ක්‍රි. ව. 1875 දී මෙතුමාගේ මව මිය ගිය අතර මෙතුමා ගේ ළමා කාලය තරමක් හුදකලා ගතියකින් ගෙවී ගියේය. මෙතුමාගේ ප්‍රථම කාව්‍ය ග්‍රන්ථය වන "කභි කහිනි" 1878 දී ප්‍රකාශයට පත් විය. එම වර්ෂයේදීම එතුමා තම වැඩිමහල් සොහොයුරු වූ සතෙයන්ද්‍රනාත් සමගම එංගලන්තයට පැමිණියේ නීතිය හදාරිමටය. නමුත් 1880 දී නැවත ඉන්දියාවට පැමිණි ඔහු කාව්‍යකරණයේ හා ග්‍රන්ථකරණයේ යෙදුනේය. 1883 දී මොහු ම්රිලානි දේවි සමග විවාහ වූ අතර දියණියන් තිදෙනෙක් සහ පුතුන් දෙදෙනෙකු සිටියත් බිරිඳ සහ දරුවන් තිදෙනෙකු අකාලයේ මෙලොවින් සමු ගත්තේය. ඉතිරි වුයේ මෙතුමා සමග මීරා දේවි නමැති දියණිය පමණි. ජීවිතයේ නොයෙකුත් දුක් වේදනාවලට මුහුණ පාන්නට සිදු වුවත් කලා ක්ෂේත්‍ර වල විශිෂ්ට දස්කම් දැක්වූ නිසා මෙතුමා ජාත්‍යන්තර වශයෙන්ද ඉමහත් කීර්තියට පත් විය. මෙතුමා ගද්‍ය හා පද්‍ය ග්‍රන්ථ රාශියක් නිර්මාණය කළ ලේඛකයකු පමණක් නොව නාට්‍යකරුවකු, රංගධරයකු, සංගීතඥයකු හා චිත්‍ර ශිල්පියෙකු ලෙසද දස්කම් දක්වා ඇත. භාරත දේශය ඉංග්‍රීසීන්ට යටත්ව පවතී කාලය තුළ ජනතාව කෙරෙහි තම රටට අවශ්‍ය නියම දේශපාලන අවශතාවයන් ඇති කර වීමට මෙතුමාගේ සාහිත්‍ය කෘති සහ ලිපි මගින් උත්සාහ කළේය. භාරතීය ජාතික ගීතය බවට බවට පත්ව ඇති "ජන ගණ මන" ගීතය මෙතුමාගේ නිර්මාණයකි. යුරෝපා රටවල් ඇතුළු රටවල් ගණනක සංචාරය කළ මෙතුමාට එම රටවල් ඉතාම ඉහල පිළිගැනීමක් ලැබිණ.
1909 දී මෙතුමා "ගිතාන්ජලි " නම් පද්‍ය ග්‍රන්ථය නිර්මාණය කළේය. මෙතුමා 1912 නැවතත් දෙවෙනි වරට යුරෝපා රටවල සංචාරය කළේය. එම සංචාරය අතරේදී ලන්ඩනයට පැමිණ "ගිතාන්ජලි" ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළේය. 1913 දී සාහිත්‍ය සඳහා වූ නොබෙල් සාම ත්‍යාගය මෙතුමාගේ ගිතාන්ජලි නිර්මාණයට හිමි විය. 1915 දී බ්‍රිතානයේ පස් වෙනි ජෝර්ජ් රජු විසින් මෙතුමාට නයිට් පදවිය පිරි නැමීය. එහෙත් ඉංග්‍රීසි පාලනයේ අසාධාරණ ක්‍රියා හෙළා දකිමින් තමාට ලැබුණු නයිට් පදවියද එතුමා අත් හැරියේය. එංගලන්තයේදී ඇරඹු උසස් අධ්‍යාපනය අතරමග නතර කර දැමු එතුමාට පසු කලකදී ඔක්ස්ෆර්ඩ් සහ කල්කටා විශ්ව විද්‍යාලවලින් සාහිත්‍ය විශාරද උපාධි පිරි නැමින.
දේශපාලනික වශයෙන් ප්‍රභල ප්‍රබෝධයක් ඇති කළ තගොර්යන්ගේ සැබෑ දර්ශනය ඔහුගේ මව් බස එනම බෙන්ගාලි බස හරි හැටි නොදත් අයෙකුට තේරුම් ගැනීම අසීරුය. එය එතරමට ප්‍රභල අස්තානයන් මත පිහිටුවා නිර්මාණය වූවකි. ඉන්දියාවේ තිබු කුල ක්‍රමයට ප්‍රභලව වීරෝධය පල කළ හෙතම ගාන්ධි ඇතුළු බෝහොමයක් හින්දු ජාතික වාදීන්ට විරුද්ධ විය. එකල බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාදයට එරෙහිව සටන් කළ බොහොමයක් හින්දු නායකයින් ජාතිය, ස්වදෙශිකතාවය ආදී සංකල්ප මුලික විය. නමුත් තගොර්යන් ඒ සියල්ලටම වඩා වෙනත් මඟක් ගත්තේය. ඔහු ජාතිකත්වයට විරුද්ධ වූ අතර මෝඩ දේශහිතෛෂී බවට වටා වැදගත් සමානාත්මතාවය මත පදනම් වූ සමාජ සංවිධානයක් බව හෙතම සඳහන් කළේය. සැබවින්ම තාගෝර්යන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම එනම් මානව නිදහස සහ අයිතිය පදනම කර ගත සමානාත්මතාවයක් ඔස්සේ නිර්මාණය කරන සමාජයක් පිලිබඳ ගැඹුරු විග්‍රහයක නිරත විය. ඔහුගේ සහිතය ජාතිකත්වයට අද දමා ඇතැමුන් කරන විග්‍රහයන් වල කිසිඳු සත්‍යතාවක් නොමැති අතර හින්දු බ්‍රාහ්මණයන් විසින්ද තාගෝර්යන්ගේ චරිතය එක්තරා ප්‍රමාණයකට විකෘති කොට ඇත.
තාගෝර්යන් වූ කලි බ්‍රිතාන්‍යයින් ඉන්දියාව අක්‍රමණය කරන විට ඔවුහු ඉන්දියානු ජාතිය නැති කරාවි යයි ගෙන ගිය අදහස හාස්‍යට කල් කළා පමණක් නොව ජාතිකත්වය ( Nationalism ) යන සංකලපයටම විරෝධය පල කළේය. තාගෝර්යන් ගේ ඇති ආකර්ශනීය දේශපාලන දර්ශනය වන්නේද එයයි. මෙය චීනයේ හිටපු ජනාධිපති සුන් යට් සෙන්ගේ දර්ශනය හා සමාන විය. මොවුහු දෙදෙනාටම චීනයේ සහ ඉන්දියාවේ ජනනය වූ ගැඹුරු අධ්‍යාත්මක දර්ශනවාදයන් ගැන පුළුල් අවබෝධයක් තිබුණු අතර එය බටහිර විද්‍යාත්මක ක්‍රමය සහ ද්‍රව්‍ය වාදය සමඟ එකට මුහු කිරීමේ වුවමනාව තිබුණි. කොමුනිස්ට් වාදයට විරුද්ධ වන ඉන්දීය ව්‍යවස්ථාවේ නිර්මාතෘ බි. ආර්. අම්බෙඩ්කාර්ගේ දේශපාලනය තුළ ඇත්තේද මේ හා සමාන ස්වභාවයකි. සැබවින්ම ඉන්දියාවේ මෙන්ම චීනයේ වත්මන් දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති දෙස බැලීමේදී ඔවුහු බොහෝ දුරට යොමු වී ඇත්තේ තාගොර් යන් සහ සුන් යට් සෙන් ගේ දර්ශනයන් වෙතය.
තාගෝර්යන් සීමා මායිම් වලින් ඔබ්බේ වූ නිදහසක් ගැන කතා කළේය. පටු අදහස් වලින් වැළකී නිදහස නමැති ස්වර්ගයට මාගේ දේශය අවදි කරනු මැන යයි ඔහු දක්වන්නේ එකී පුළුල් සමාජීය සන්දර්භයයි. එසේ නොමැතිව වර්තමානයේදී ලංකාව වැනි සමාජයන් තුළ කතා කොට පොදු මහජනයා මුලාවට ලක් කරනු ලබන එක එක අයගේ පුද්ගලික වාසිය සඳහා නිර්මාණය කරනු ලැබූ තත්වයක් නොවේ. නිදහස යන්නෙහි සැබෑ පරාමිතීන් නිවැරදිව දැන ගැනීම සඳහා තාගෝර්යන්ගේ දර්ශනය යලි යලිත් හැදෑරීම වර්තමානයේදී අතිශය වැදගත් වේ. එය පුළුල් සමාජීය ප්‍රතිසංස්කරණයක් සඳහා මුලික අත් වැල සපයනු නොඅනුමානය.
Post a Comment