ක්‍රිෂාන් ජීවක ජයරුක්
මාතර කොටුවේගොඩ හමුදා කඳවුර ඉදිරිපිටදී හමුදා භටයන් පිරිසකගේ පහරදීමට ලක්වූ බව කියන මාතර දිසා විනිසුරු කේ.ඩී.එල්. සමන් කුමාර මහතා සහ ඔහුගේ බිරිය මාතර මහ රෝහලට ඇතුළු කරනු ලැබූහ. හමුදා භටයකු පාර අවහිර වනසේ යතුරු පැදිය නතර කරගෙන දුරකතන ඇමතුමක් ගනිද්දී විනිසුරු නලාව හඬවීයැයි ඔහුට හා බිරියට පහරදී මෝටර් රියටද අලාබ කර ඇතැයි පොලිසිය පවසයි. කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත. තමා විනිසුරු යැයි ඉංග්‍රීසියෙන් කියද්දීත් භටයන් පිරිස ඔහුට පහරදී ඇතැයි කියති.

Post a Comment