හර්ෂි සි. පෙරේරා
මේ වර්තමාන දුටුගැමුනුලගේ සහ දසමහ යොදයින්ගේ වැඩය."හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාගේ දියණියක වන අපර්ණා කටුනායක ගුවන්තොටේදී අද ටික වේලාකට රඳවාගෙන මුදා හැර ඇත. ඇමෙරිකා පුරවැසියක වන ඇය ඇමෙරිකා ගමන් බලපත‍්‍රයකින් පැමිණියාය. ඇය සමග ඇගේ මව අනෝමා ද ආවාය."
වර්තමානයේ යුද විරුවෙක් වූ සරත් පොන්සේකා සිරගතව සිටියි. එහි අසාදාරන බව සහ පළිගැනීමේ චේතනාව පිළිබද පසුබිම විස්තර කිරීම අනවශ්‍ය වෙයි. නමුත් මේ අසාදරණයට විරුද්දව සාමාන්‍ය බහුතර ජනයා නිහඩව සිටිති.
දේශපාලන විද්‍යා දාර්ශනයකු වූ මැකියාවෙලි පෙන්නා දුන් එකදිපතියකු රට තුල විද්‍යමාන වෙයි. රාජ්ජය ගැතී සහ පටු අරමුණු වලින් යුක්ත මාද්‍ය දේශසීමා රහිතව සාමාන්‍ය ජනයා මුලාවට පත් කරමින් සිටිති. මෙයට ඊනියා බුද්දිමතුන් සහ උගතුන්ද වග කිවයුතුය.
නමුත් කිවයුත්තේ ," සියලුම සාමාන්‍ය ජනයා ටික කාලයකට රැවටිය හැක. සාමාන්‍ය ජනයාගෙන් සුළු පිරිසක් හැමදාම රැවටිය හැක. එහෙත් සියලු සාමාන්‍ය ජනයා හැමදාම රැවටිය නොහැකි බවයි." එදාට සියලු දෙනා සැබෑ විරුවාව සදහටම වැළද ගනු ඇත.

Post a Comment