Courtesy: Ethalaya
ජගත් මහලේකම්වරයා පත්කළ උපදේශන කමිටු වාර්තාවෙන් දක්වා ඇති මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි කියන චෝදනා පිළිබඳව ආණ්ඩුව වෙනම පරීක්ෂණයක් කළ යුතු බව ආසියානු මානව හිමිකම් කොමිසම පවසයි.
එහි ප්‍රතිපත්ති සම්පාදක අධ්‍යක්ෂ, නීතීඥ බැසිල් ප්‍රනාන්දු මහතා පැවසුවේ මානව හිමිකම් උල්ලංඝනය වූ බවට කිසියම් අයෙකුගෙන් පැමිණිල්ලක් ලැබී ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම ආණ්ඩුවේ වගකීම බවය.
ඒ පිළිබඳව අදහස් දක්වමින් ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්ති සම්පාදක අධ්‍යක්ෂ නීතීඥ බැසිල් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.
"අපරාධ සිදුවුණාද නැද්ද කියන එක කියන්න බෑ. මොකද අපි කවදාවත් පරීක්ෂණ කෙරුවේ නැ. ඒ වගේ දෙයක් ගැන වුණත් පැමිණිල්ලක් තිබුණට පස්සෙ පරීක්ෂණයක් තියන්න ඕන. ඉතින් ඒක මූලිකම නීතිය. එතකොට මෙතන ප්‍රශ්නය තියෙන්නෙ පිටස්තර ඉඳලා කවුරුහරි කිව්වද කියන එක නෙවෙයි. එහෙම සිදුවීම් සිදුවුණා නම් ඒක ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. ඒක පිළිබඳව අපේ දෙපිට කතාවක් නැ. මේක කිසියම් ආකාරයක ජාතියට විරුද්ධ දෙයක් නෙවෙයි. ප්‍රශ්න තිබුණනම් ආණ්ඩුව එකඟ වුණත් නොවුණත් පරීක්ෂණ කරන්න ඕන."
Post a Comment