බින් ලාඩන්ගේ පුතා ඔබාමට කණගාටුව පල කරයි

නිරායුධ පුද්ගලයෙකු මරා දැමීම සහ සිරුර මහා මුහුදේ සඟවා තැබීම, ඔහුගේ පවුලේ අයට වෙඩි තබා තුවාල සිදු කිරීමට අණ දීම මඟින් ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා නීතියේ මුලිකාංග කඩ කොට ඇති පසුගිය සතියේදී ඇමෙරිකානු හමුදාව විසින් මරා දැමුණු අල් කයිඩා සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන්ගේ වැඩිමහල් පුත්‍රයා ප්‍රකශ කළේය. තමන් පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන ඔමාර් බින් ලාඩන් ලව දුරටත් සඳහන් කොට ඇත්තේ ලෝකයේ වෙනත් තැන් වල සිදු කළ ආකාරයෙන් බින් ලාදනද නිතිය ඉදිරියට පමුණුවා යුක්තිය පසිඳ ලිය යුතුව තිබුන බව කියන හෙතම ස්ලෝබෝදාන මිලොසොවික්, සදාම් හුසේන් මීට පෙර සිදු වීම සඳහා උදාහරණ ලෙස පේනවා දෙනු ලබයි. දේශපාලන ප්‍රශ්න වලට මිනි මැරීමෙන් පිළිතුරු සොයා ගත නොහැකි බව අදා නිවේදනයේ තව දුරටත් සඳහන් වේ.

Tell a Friend