SPECIAL: බින් ලාඩන් ඝාතනය : ඝනත ප්‍රදේශයේදී මරා දැමුණු තිදෙනෙකුගේ සිරුරු ප්‍රකාශ කෙරේ



කිෂානි වැලිවිටිගොඩ

ඇමෙරිකානු හමුදාව විසින් මරා දැමුණු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මහතාගේ මළ සිරුරේ සේයාරූ ප්‍රසිද්ධ කිරීම ජනාධිපති ඔබාමා විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ධවල මන්දීරය ඇතුළු ඇමෙරිකානු දේශපාලනය තුළ සේම ජගත් දේශපාලන තුළ මහත් ආන්දෝලනයක් ඇති විය. එහිදී මතු වූ මුලික ගැටලුව වූයේ තමන් විසින් මරා දමා මුහුදේ සඟවා තැබුවේ යයි කියන බින් ලාඩන් තවමත් පණ පිටින් සිටීද යන්නය.

ඊට පිළිතුරු වශයෙන් ඊයේ රාත්‍රීයේදී අදාළ ස්ථානයේදී ලබා ගන්නා ලද මළසිරුරු තුනක සේයාරූ ප්‍රසිද්ධ කරනු ලැබීය . නමුත් ඒවා පල කිරීමට පෙර වෙනස් කොට තිබුණි. එම සිරුරු බින් ලාඩන්ගේ විස්වාශවන්තම පණිවිඩ කරුවා වන අර්ශඩ් ඛාන්, බින් ලාඩන්ගේ පුත්‍රයා වන කලිඩ් සහ තවත් හිතවතෙකු යන අයගේ බව විශ්වාස කෙරේ. කෙසේ වෙතත් ඇමෙරිකානු බලධාරීන් බින් ලාඩන්ගේ මළ සිරුරට අදාළ සේයාරූ ප්‍රකාශ කොට නැත.

කෙසේ වෙතත් ජනාධිපති බැරක් ඔබාමා ඊයේ සහභාගී වූ CBS රුපවාහිනියේ මිනිත්තු 60 වැඩසටහනේදී අදහස දැක් වූ ආකාරයට තම හමුදාව බින් ලාඩන් මරා දැමීමට පෙර 95% ඔහු බින් ලාඩන් බව DNA සාම්පල ඔස්සේ තහවුරු කර ගත් බව සඳහන් කළේය. කෙසේ වෙතත් අදාළ මෙහෙයුමට අදාළ බින් ලාඩන්ගේ සෙයාරූ රහසක් ලෙස පවතිනු ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

අවවාදයයි : අතිශය සංවේදී ජනක පින්තූර වේ
 
 

Tell a Friend