අපි යන්නේ තලිබාන්කරණයටද ? 2

අමිල ගුණරත්න

මේ දිනමිණ පුවත්පතේ පලවූ ලිපියකි.

හොරා පොලිස් රඟපා පෙම් යුවළකින් කප්පම් ගනිද්දී කොටුවෙයි

‘ආදර පනත’ යටතේ පෙම් සුව විඳීම වරදක් ලු

පුත්තලම සමූහ වාර්තාකරු ඩබ්ලිව්. සී. බී. ප්‍රනාන්දු

වැවක් අසල ගසක් යට යතුරුපැදියක වාඩිවී පෙම්බස් දොඩමින් සිටි තරුණ පෙම්වතුන් දෙදෙනෙකුගෙන් “ආදර ආඥා පනත” යටතේ නඩු නොපැවරීමට රුපියල් 2000 ක පගාවක් ඉල්ලා ඇතැයි කියන ව්‍යාජ පොලිස් නිලධාරියකු ඉල්ලූ මුදලින් රුපියල් 1000 ක මුදලක් ලබා ගනිද්දී අතටම අල්ලා ගැනීමට පුත්තලම පොලිසියේ නිලධාරි කණ්ඩායමක් සමත් වී ඇත.ඉකුත් 02 දා අත්අඩංගුවට ගත් මොහු මංකොල්ලකෑම් කීපයකටම පොලිසියට අවශ්‍යව සිටි, අධිකරණයෙන් වරෙන්තු නිකුත් වී පොලිසිය මඟහරිමින් සිටි අයෙක් බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇතැයි ද පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිණ ඇති මේ පෙම්වතුන් යුවළ පුත්තලම අනුරාධපුර පාරේ සේනකුඩිරිප්පුව ප්‍රදේශයේ කුඩා වැවක් අසල ගසක් යට නතර වී පෙම්බස් දොඩමින් සිටින විට එතැනට පැමිණ ඇති මේ පුද්ගලයා තමා පුත්තලම පොලිසියේ පොලිස් නිලධාරියෙක් බව පවසා ඇත. අදාළ ස්ථානයේ මේ අශෝභන ලෙස හැසිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බව කියා රියැදුරු බලපත්‍රය ලබාගෙන ඇත. එම අවස්ථාවේ එම තරුණයා ද පොලිස් නිලධාරියා යයි කියා ගත් පුද්ගලයාගේ ජංගම දුරකථන අංකය ද ඉල්ලාගෙන ඇත.පසුව එම දුරකථන අංකයට ඇමැතුමක් දී කතා කළ විට ඔහු පවසා ඇත්තේ “ආදර ආඥා පනත යටතේ නඩු නොපැවරීමට නම් රුපියල් 2000 ක මුදලක් ගෙවා රියැදුරු බලපත්‍රය ලබා ගන්නා ලෙසය. ඒ අනුව පොලිසිය අසල දී රුපියල් 1000 ක මුදලක් ගනිද්දීම වෙස්වළාගෙන සිටි පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මීට කලින් අධිකරණයෙන් වරෙන්තු නිකුත් වී අධිකරණය හා පොලිසිය මඟහරිමින් සිටි සැකකරු ප්‍රදේශයේ සිදුකර ඇති මංකොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙක් බව ද පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. පුත්තලම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.


අපගේ සටහන

මෙතන ප්‍රශ්නය ඇත්තේ ‘ආදර පනත’ යටතේ පෙම් සුව විඳීම වරදක් ලු යන ප්‍රකාශය සහ එය අනියම්ව උල්ලුපා දක්වන ආකාරයටයි. මෙය දුෂණ , පාගා , කාම අපරාධ කරන පොලිසියට අහිංසක පෙම්වතුන් පොලිසියට කුදලාගෙන විත් සිත්සේ පෙළීමට ඉනිමගවල් තනා දීමකි. අවුරුදු 30 ක යුද්ධයකට මැදිවූ රටකට , මළකුණු සහ ලේ දැක්ක රටකට , අසල්වැසියාට වෛර කල රටකට පෙම් කිරීම , ආදරය , අසාත්මික වී තිබෙන සැටියකි. හෙළ උරුමයේ චම්පක රණවකලා සුචරිතය ගැන දොඩමින් තරුණ කොල්ලන්ට පෙම් කිරීමට තහංචි දමමින් තමන් තනියම මාදිවෙල නිල නිවාස වල දොරගුලු දමාගෙන ගෑනු ශරීර දෙක තුන සමග එකවිට රති කෙලි වල යෙදෙති. අනෙකුත් මැති ඇමැතිවරුද රණවකට නොදෙවෙනි ලෙසට කාම ගංගා වල කිමිදෙති. එය අපට ප්‍රශ්නයක් නැත ප්‍රශ්නය ඇත්තේ ගමේ තරුණ සෝමපාලලාට , දයාසේනලාට , විමලාවතිලාට , කුසුමලාට ‘ආදර පනත’ යටතේ පෙම් සුව විඳීම වරදක් කිරීමය. අඩුම වශයෙන් උන්ට පෙම් කිරීමටවත් ඉඩක් නැත්තම් දුප්පත් ගමේ කොල්ලන් දන්ගෙඩියට යවන තව ලෝහිත කැරැල්ලක් බලාපොරොත්තු උනාට කමක් නැත.

Tell a Friend